The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නියෝජ්‍ය ඇමති වටගලට නාමල්ගෙන් රු. බිලියනක එන්තරවාසියක්

T

The Leader Desk

September 10, 2025 • 8:20 PM

නියෝජ්‍ය ඇමති වටගලට නාමල්ගෙන් රු. බිලියනක එන්තරවාසියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදුකරනු ලැබූ අපහාසාත්මක සහ දේවේශ සහගත ප්‍රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබේ.
  • නීතිඥයෙකු මාර්ගයෙන් මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම එන්තරවාසිය යවා ඇත.
  • සැප්තැම්බර් මස 6 වන දින හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම ප්‍රදේශයේ දී හෝ වෙනත් ආසන්න ප්‍රදේශයක පැවති මාධ්‍ය හමුවකදී පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇතැයි එන්තරවාසියේ සඳහන් වේ.
  • එකී ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක් ඉතා පැහැදිලි ලෙස මාධ්‍යයට ප්‍රදර්ශනය කර ප්‍රකාශ නිකුත් කර ඇතැයි නීතිඥවරයා එන්තරවාසියේ සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදුකරනු ලැබූ අපහාසාත්මක සහ දේවේශ සහගත ප්‍රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබේ.

නීතිඥයෙකු මාර්ගයෙන් මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම එන්තරවාසිය යවා ඇත.

2025 සැප්තැම්බර් මස 6 වන දින හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම ප්‍රදේශයේ දී හෝ වෙනත් ආසන්න ප්‍රදේශයක පැවති මාධ්‍ය හමුවකදී පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇතැයි එන්තරවාසියේ සඳහන් වේ.


එම ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සැප්තැම්බර් 6 හෝ ආසන්න දිනයක දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන ආ බවට සැක කෙරෙන බහාලුම් දෙකක් සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇතැයි අදාළ එන්තරවාසියේ දැක්වේ.


එකී ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක් ඉතා පැහැදිලි ලෙස මාධ්‍යයට ප්‍රදර්ශනය කර ප්‍රකාශ නිකුත් කර ඇතැයි නීතිඥවරයා එන්තරවාසියේ සඳහන් කර ඇත.

අදාළ ප්‍රකාශයෙන් පසුව නාමල් රාජපක්ෂට සහ ඔහු නියෝජනය කරන පොදුජන පෙරමුණට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කිරීමට මෙම ප්‍රකාශය පාදක වී ඇතැයි ද අදාළ එන්තරවාසියේ සඳහන්ය.

ඉහත ප්‍රකාශයන් හා ඊට අදාළ ක්‍රියාදාමයන් තුළින් නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට ඉතා විශාල හානියක් සිදුකර ඇති බවටත් ඔහුට අපහාසාත්මක ලෙස හා ඔහුගේ චරිතය ගැන අන් අය තුළ වැරදි මතයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ද එන්තරවාසියෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ මෙම ක්‍රියාකලාපයෙන් නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් බිලියනයක තක්සේරුවක් ද නීතිඥයා විසින් සිදුකර තිබේ.


ඒ අනුව දින තුනක කාලයක් තුළ ඉහත සඳහන් කළ මාධ්‍ය සාකච්ඡාව ලබාදුන් ආකාරයේම ප්‍රසිද්ධියක් ලබාදෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නාමල් රාජපක්ෂට එරෙහිව සිදුකළ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත දැනුම්දී තිබේ.


එසේ නොවන්නේ නම් ලිපියේ සඳහන් දින 14ක් ඇතුළත එකී මුදල තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ වෙත ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොවන්නේ නම්, රුපියල් බිලියනයක මුදල ද ඊට අදාළ නෛතික පොලිය ද, නඩු ගාස්තු සහ වෙනත් ආනුශංගික වියදම් ද අයකර ගැනීම උදෙසා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට එරෙහිව නඩු පවරන අදාළ එන්තරවාසියේ සඳහන් වේ.

ty565634

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...