The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අරගලයේ නිවාස හානිවලට වන්දිත් ලබාගෙන 'වියත්පුර' සහන මිලට නිවාස ඉල්ලුම් කළ මැති ඇමතිවරුන් කවුද ?

T

The Leader Desk

September 10, 2025 • 8:34 PM

අරගලයේ නිවාස හානිවලට වන්දිත් ලබාගෙන 'වියත්පුර' සහන මිලට නිවාස ඉල්ලුම් කළ මැති ඇමතිවරුන් කවුද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරන ලද වියත්පුර මහල් නිවාස යෝජනා ක්‍රමයේ නිවාස සහනදායී මිලකට මිලට ගැනීමට එවකට පැවති රජය අවස්ථාව ලබා දී තිබිණි.
  • නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත වසරක කාලයක් සඳහා ලබා දීමට 2022 අගෝස්තු මාසයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබූ අතර ඉන් අනතුරුව, එම නිවාස සහනදායී ක්‍රමවේදයක් යටතේ මිල දී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා තිබිණි.
  • එහිදී විකුණුම් මිලෙන් 25%ක මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොළී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අය කර ගැනීමට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
  • ඊට අදාළව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමතිවරයා සැප්තැම්බර් 03 වන දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ද අනුමත වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරන ලද වියත්පුර මහල් නිවාස යෝජනා ක්‍රමයේ නිවාස සහනදායී මිලකට මිලට ගැනීමට එවකට පැවති රජය අවස්ථාව ලබා දී තිබිණි.

නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත වසරක කාලයක් සඳහා ලබා දීමට 2022 අගෝස්තු මාසයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබූ අතර ඉන් අනතුරුව, එම නිවාස සහනදායී ක්‍රමවේදයක් යටතේ මිල දී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා තිබිණි.

එම ඉල්ලීමට අනුව රුපියල් මිලියන 15.5ක අවම වටිනාකමකට සහ රුපියල් මිලියන 22ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රුපියල් මිලියන 13.34 ක් ලෙස සහ උපරිම වටිනාකම රුපියල් මිලියන 18.21 ක් ලෙස අඩු කර සහනදායී ක්‍රමවේදය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි විය.


එහිදී විකුණුම් මිලෙන් 25%ක මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොළී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අය කර ගැනීමට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.



සහනදායී ක්‍රමවේදය ඉවත් කළේ ඇයි?

එහෙත්, මෙම සහනදායී ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදු වී ඇති බව පෙන්වා දෙමින් අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහා ම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය මහ ජනතාවට එම නිවාස ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස ලබා දීමට වත්මන් රජය තීන්දු කර තිබේ.

ඊට අදාළව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමතිවරයා සැප්තැම්බර් 03 වන දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ද අනුමත වී ඇත.

"එවකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීන්දු තමයි අපි අහෝසි කළේ. ඒ මන්ත්‍රීවරුන්ටත් පුළුවන් සමාන්‍ය ජනතාවගේ ක්‍රමවේදයට ම අනුගත වෙලා මේ නිවාස මිල දී ගන්න," සහන ඉවත් කිරීමට ගත් කැබිනට් තීන්දුව දැනුම් දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.


එම මන්ත්‍රීවරුන් නිවාස හානි වූ බව පවසමින් වියත්පුර නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස ලබා ගනිමින් රක්ෂණාවරණ හෝ වෙනත් තැන්වලින් නිවාස ලබාගෙන ඇති දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ කරමින් සිටින බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශ අමාත්‍ය නලින්ද ජයතිස්ස එහිදී කියා සිටියේ ය.



වියත්පුර නිවාස ඉල්ලූ මැති ඇමතිවරුන් කවුද?

මෙලෙස සහනදායී ක්‍රමවේදය යටතේ නිවාස ලබා ගැනීමට පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දා වන විට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කරන ලද මන්ත්‍රීවරුන් 29 දෙනාගේ ලයිස්තුව සැප්තැම්බර් 10 වන දා රජයේ නිල වෙබ් අඩවියේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර ලදී.

එම ලැයිස්තුවට අනුව,

* ප්‍රේම්නාත් සී. දොළවත්ත,
* උඩුකුඹුරගේ සුමිත් වීරසිංහ උඩුකුඹුර,
* සහන් ප්‍රදීප් විතාන,
* චින්තක අමල් මායාදුන්න,
* මිලාන් ජයතිලක,
* අශෝක ප්‍රියන්ත,
* වඩුගේ ලලිත් වර්ණ කුමාර,
* ජනක තිස්සකුට්ටිආරච්චි,
* අජිත් රාජපක්ෂ,
* එච්.එම්.ඩී බණ්ඩාර හේරත්,
* එස්.එම්.එම්. මුෂාරෆ්,
* ආර්.එම්. කුමාරසිරි රත්නායක,
* පී.ඒ.කේ. අතුකෝරළ,
* එස්.ඒ. සේමසිංහ,
* කුලසිංහම් දිලීබන්,
* නිමල් පියතිස්ස,
* ගාමිණී වලේබොඩ,
* මොහොමඩ් ෆුවාර් මොහොමඩ් ෆයිසාල්,
* එස්.එම්. චන්ද්‍රසේන,
* අසංක නවරත්න,
* ගාමිණි ලොකුගේ,
* මහින්ද යාපා අබේවර්ධන,
* පියල් නිශාන්ත ද සිල්වා,
* වීරසිංහ දේවගේ වීරසිංහ,
* ශාන්ත බණ්ඩාර,
* අරුන්දික ප්‍රනාන්දු,
* ප්‍රසන්න රණතුංග,
* එම්.ඒ. රහීම් අලිසබ්‍රි,
* සම්පත් අතුකෝරළ


යන හිටපු මන්ත්‍රීවරුන් නිවාස ලබා ගැනීමට අදාළ මුල් ගෙවීම් සිදුකර තිබේ.

නිවාස ඉල්ලුම් කළ අය අතර වන්දි ගත් අය ඉන්නවා ද?

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය ක්‍රියාත්මක වූ සමයේ නිවාස හා දේපළවලට ගිනි තැබීමෙන් සිදුවූ හානිවලට වන්දි ලබා ගත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ගේ නම් ලයිස්තුව පෙබරවාරි 06 වැනිදා අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

එලෙස වන්දි ලබා ගත් බවට නලින්ද ජයතිස්ස ඇමතිවරයා ප්‍රකාශ කළ මැති ඇමැතිවරුන් අතර වියත්පුර නිවාස ලබා ගැනීමට ඉල්ලුම් කරන ලද බවට රජයේ වෙබ් අඩිවිය ප්‍රසිද්ධියට පත් කළ නම් ලයිස්තුවේ නම සඳහන් අයවලුන් සිටී දැයි සොයා බැලී ය.

* ප්‍රේම්නාත් සී. දොළවත්ත,
* ජනක තිස්සකුට්ටිආරච්චි,
* සම්පත් අතුකෝරළ,
* අශෝක ප්‍රියන්ත,
* සහන් ප්‍රදීප්,
* ෂෙහාන් සේමසිංහ,
* මිලාන් ජයතිලක,
* ඩී.බී. හේරත්,
* ඩබ්ලිව්.ඩී. වීරසිංහ,
* ශාන්ත බණ්ඩාර,
* එස්.එම්. චන්ද්‍රසේන,
* අරුන්දික ප්‍රනාන්දු,
* සුමිත් උඩුකුඹුර,
* ප්‍රසන්න රණතුංග,
* අලි සබ්‍රි රහීම්,

ගාමිණී ලොකුගේ, යන අයගේ නම්, ලැයිස්තු දෙකට ම ඇතුළත්ව ඇති බව බීබීසි සිංහල කරන ලද නිරීක්ෂණයකදී අනාවරණය කරගෙන ඇත.


වියත්පුර නිවාස සංකීර්ණය

නිවාස නොමැති මධ්‍යම පන්තික පවුල් ඉලක්ක කර ගනිමින් පන්නිපිටිය, වීර මාවතේ වියත්පුර නමින් නිවාස 500කින් යුත් නිවාස සංකීරණය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ, 2021 වසරේදී ය.

වියත්පුර නිවාස සංකිර්ණය බිම් මහල සහ මහල් 09කින් යුක්ත වන අතර පිළිවෙළින් වර්ග අඩි 750, 950, 1050 ප්‍රමාණයෙන් යුත් නිවාස මීට ඇතුළත් වේ.

මෙම නිවාස සංකීරණයේ නිවාසවලින්, නිවාස 50ක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ද, නිවාස 101ක් ආරක්ෂක අමාත්‍යාංශයට ද, නිවාස 147ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයන්ට ද වෙන්කර ඇත.

මෙහි නිවාස සැලසුම හර්ෂ ජී. පීරීස් විසින් සිදුකරනු ලැබ ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් අධීක්ෂණය කළ නිවාස සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික සමාගමක් විසින් සිදු කරනු ලැබ තිබේ.

(උපුටා ගැනීම - බීබීසී සිංහල)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...