The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීම අරඹයි

T

The Leader Desk

September 10, 2025 • 9:01 PM

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීම අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හඳුන්වාදීම අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන ගේ ප්‍රධානත්වයෙන් අද ( 10) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ දී සිදු කෙරිණ.
  • නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු සහ ගෙවීම් සිදු කිරීමේදී DEBIT සහ CREDIT කාඩ් මඟින් ගෙවීමේ පහසුව අද සිට ලබා දී ඇත.
  • අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික විනිසුරුවරුන් සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නිතිඥ, රජිව් අමරසුරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා සහ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හඳුන්වාදීම අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන ගේ ප්‍රධානත්වයෙන් අද ( 10) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ දී සිදු කෙරිණ.

මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මගින් ඉදිරියේ දී මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන: අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් කාඩ්පත් මගින් සහ මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා අන්තර්ජාලය මගින් ගෙවීම් සිදුකිරීමට මහජනතාවට පහසුකම් සැලසේ.

නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු සහ ගෙවීම් සිදු කිරීමේදී DEBIT සහ CREDIT කාඩ් මඟින් ගෙවීමේ පහසුව අද සිට ලබා දී ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික විනිසුරුවරුන් සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නිතිඥ, රජිව් අමරසුරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා සහ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා ගරු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ මාර්ගෝපදේශනය යටතේ ක්‍රියාත්මක වන කඩිනම් වැඩපිළිවෙළ මෙම මස12 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ සහභාගිත්වයෙන් කොළඹ අලුත්කඩේ විනිශ්චයකාරවරුන් ගේ පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දී ආරම්භ කිරිමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නිතිඥ, රජිව් අමරසුරිය සහ නීතිඥ නිකිණි මාපිටිගම ද මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

 dty57y

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...