ඔහු මෙම අදහස් පළ කළේනව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුව පසුගිය 09වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රියෙන්සි අර්සකුලරත්න...
අධ්‍යයනය කිරීමේ කටයුතු මෙම සතිය තුළ අවසන්
''නව කෙටුම්පතෙහි තවදුරටත් පවතින ගැටළුකාරී තැන් හඳුනා ගනිමින් පනත් කෙටුම්පත දෙවන වරටත් අධ්‍යයනය කිරීමේ කටයුතු මෙම සතිය තුළ අවසන් කිරීමට නියමිතයි. මෙම සතිය තුළ කමිටුව දෛනිකව රැස්වී අදාළ කටයුතු අවසන් කරනවා. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කමිටුව ඉදිරි දින කිහිපය තුළ දෛනිකව සාකච්ඡා කරනවා. එහිදී එදිනෙදා සාකච්ඡා කර ඇති කර ගන්නා වෙනස්කම් ඇතුළත් කරමින් පනත කෙටුම්පත් කිරීමේ කටයුතු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යනවා.''
මෙම සාකච්ඡාව සඳහා: නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියමුන්ති පීරිස්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන අය ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු ද සහභාගි වූහ.





