The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පිට රටින් සහල් ආනයනය කිරීම මහා ඛේදවාචකයක් - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 11, 2025 • 4:30 AM

පිට රටින් සහල් ආනයනය කිරීම මහා ඛේදවාචකයක් - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ කෘෂිකර්මාන්තයේ වී වගාව කේන්ද්‍රීයව පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී ය.
  • පසුගිය කාලයේ අප රටේ වී නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමේ ඇති අවස්ථාවේ රසායනික පොහොර තහනමක් පැමිණියා.
  • ඒ වන විට වී නිෂ්පාදනය 34% ක පහළ වැටීමක් සිදු වුණා.
  • අදටත් පොහොර භාවිත වෙන්නෙ නිර්දේශ වූ ප්‍රමාණයට වඩා 35%ක් අඩුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ කෘෂිකර්මාන්තයේ වී වගාව කේන්ද්‍රීයව පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

මුල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීමක්

''වත්මන් රජය නිර්මාණය කරනවා කියපු ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩදාසියට පමණක් සීමා නොකර මහ පොළොවේ යථාර්ථයක් කරන්න. එසේ කරන තෙක් ගොවි ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටිනවා. මේ වන විට වී වගාවේ ඵලදායීතාව අඩු වන්න බලපෑ හේතු කවරේ ද කියා අප සිතා බැලිය යුතුයි.

පසුගිය කාලයේ අප රටේ වී නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමේ ඇති අවස්ථාවේ රසායනික පොහොර තහනමක් පැමිණියා. ඒ වන විට වී නිෂ්පාදනය 34% ක පහළ වැටීමක් සිදු වුණා. අදටත් පොහොර භාවිත වෙන්නෙ නිර්දේශ වූ ප්‍රමාණයට වඩා 35%ක් අඩුවෙන්. මේ නිසා ඊළග කන්න කිහිපයේ හෝ නිර්දේශිත ප්‍රමාණයෙන් පොහොර යෙදවීමට ගොවියා පොලඹවා මුල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීමක්. ව්‍යාප්ති සේවා හරහා එය සොයා බැලිය යුතු යි.

සහතික මිල අදටත් ගැටලුවක්

සහතික මිල ගැන ගැටලුවක් තිබෙනවා. රු. 120ක සහතික මිලක් දෙනවා කිව්වත් මෙය සහතික මිල ලබා දීමක් නෙවෙයි; සහතික මිල පාලනයක්. කිසිදු රජයක් කවදාවත් සම්පූර්ණ අස්වැන්න මිලදී ගන්නෙ නැහැ. අස්වැන්න මිල දී ගන්නේ සීමිත ප්‍රමාණයක යි. ඒකත් ගන්නෙ මිල පාලනයට යටත්ව යි. මේ ස්ථාවර මිල රු  140-150 විය යුතුයි කියා රජයේ ඇමතිවරු කිව්වා.

වී වගාවේ පිරිවැය අදටත් වැඩියි

පාර්ලිමේන්තු අණ පනත් හරහා මේ සහතික මිල නීතියක් කරනවා කිව්වට එය සිදු වුණේ නැහැ. පිරිවැය ගැන කිය කිය සිටියත් බීජවල සිට යෙදවුම් තෙල් පොහොර උපකරණ මිල මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම්වල මිල නිසා ගොවියාට සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ. මේ නිසා ඒකාධිකාරය බිඳ වට්ටවා කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් අවශ්‍ය යි.

මේ දේවල් රජය කළ යුතු යි. අද කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් මෙන්ම මූල්‍ය ශක්තිය ද ලබා දිය යුතු යි. ඊට අමතරව අගය දාමයේ ප්‍රධාන ක්‍රියකරුවන් නිසි කළමනාකරණය කළ යුතු යි. වී වගාවට අවශ්‍ය සහතික බීජ වීවල හිඟයක් තිබෙනවා. දැනට 16%ක් සපයන එක 25% දක්වා ඉහළ දමා හොඳ ප්‍රභේද බිහි කළ යුතු යි.

නවීන තාක්ෂණ ක්‍රම භාවිත කරන්න

නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන නෙදර්ලන්තයේ මෙන් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගත යුතු යි. ඒ වෙනුවෙන් පොහොර සහනාධාරය ප්‍රමාණවත්ව වේලාවට ලබා දිය යුතු යි. සත්‍ය කතා කළොත් පොහොර සහනාධාරයට ලබා දෙන මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නැහැ. මෙට්‍රික් ටොන් 350000ක ගබඩා පහසුකම් තිබුණත් රාජ්‍ය ක්ෂේත්‍රය තුළ ද ගබඩා පහසුකම් වැඩි කළ යුතු යි.

අලි මිනිස් ගැටුමට විසදුම් අවශ්‍ය යි

ඊට අමතරව වන අලි මිනිස් ගැටුමට විසදුම් දිය යුතු යි. මේ ගැටුමට විසදුම් ලබා දී වගා හානි, ජීවිත හානි සහ දේපළ හානි අවම කිරීමේ හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි. සමස්ත කෘෂිකර්මාන්ත චක්‍රය තුළ විවිධ අවස්ථාවල දී නිෂ්පාදනයේ සිට අලෙවිය දක්වා සැලසුම් සහගත වැඩපිළිවෙළක්, ජාතික වගා සැලසුමක් සහ ජාතික කෘෂිකාර්මික සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු යි.''


  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...