වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය දිනක බදුල්ල ඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරුට ලක් වූ අවස්ථාවේ දී සිය රාජකාරි කාලසිමාවෙන් බැහැරව සිටිය දී වුව ද එම ස්ථානයට ගොස් රෝගින් හට ප්‍රථමාදාර ලබා දී, කඩිනමින් ම එම රෝගින් රෝහල වෙත රැගෙන යෑමට සැලසූ වෛද්‍ය පාලිත රාජපක්ෂ හට කෘතවේදිත්වය පළ කිරීම සඳහා උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවේ දී මාධ්‍ය අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සංජිව තෙන්නකෝන් පැවසුවේ අනතුරඒ සිදු වූ අවස්ථාවේ වෛද්‍ය පාලිත රාජපක්ෂ ඒ ආකාරයෙන් කටයුතු නොකළේ නම් තවත් රෝගින් කිහිප දෙනෙකු වුව මරණයට පත් වන්නට ඉඩ තිබූ බවයි.
අනතුර පිළිබඳ දැනගත් මොහොතේ සිට ම ක්‍රියාත්මක වුණා - වෛද්‍ය පාලිත රාජපක්ෂ
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් (GMOA) බදුල්ල රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ අදහස් දක්වමින් පැවසුවේ අනතුර පිළිබඳව පණිවිඩය ලද මොහොතේ සිට ම දිස්ත්‍රික්කයේ සියළු වෛද්‍යවරුන් දැනුවත් කර, හැකි සෑම වෛද්‍යවරයෙක් ම බදුල්ල රෝහලට කැඳවා කණ්ඩායම් තුනක් ලෙස සංවිධානය වී කටයුතු කළ බවයි.
එහි දී එක් කණ්ඩායමක් රෝහල තුළ රැඳිසිටිමින් රෝගීන්ට ප්‍රතිකාර සඳහා යොමු කල බවත්, තවත් කණ්ඩායමක් ප්‍රපාතයෙන් ඉහළට රැගෙන ඒන රෝගින් සදහා කඩිනම් ප්‍රථමාදාර මෙන් ම ප්‍රතිකාර කළ අතර අනෙක් කණ්ඩායම ප්‍රපාතයට බැස ඒහි විසිර සිටි රෝගින්ට හැකි අපරිමයෙන් ප්‍රතිකාර කළ බවයි.
අපි නිරන්තරයෙන් ම ආදර්ශවත් යමක් කර පෙන්වනවා - වෛද්‍ය ප්‍රභාත් සුගතදාස
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස අදහස් දක්වමින් පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තම සංගමය නිරන්තරයෙන් ම රටට සමාජයට ආධර්ශවත් යමක් සිදු කරන බවයි.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
මාධ්‍යවේදියා විමසුවේ සත්‍ය වශයෙන් ම මෙම කෘතඥතාව පළ කළ යුත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එසේත් නොමැති නම් සෞඛ්‍ය අමාත්‍යංශය ද යන්න ය.
පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය පිළිබඳව ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබීම සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ විය.
මතු පළ වන්නේ එම මාධ්‍ය සාකච්ඡාවේ දී සියලු වෛද්‍යවරුන් දැක්වු අදහස් අන්තර්ගත විඩියෝ පට කිහිපය යි.




