The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පාතාලයට සහ මත්ද්‍රව්‍යයට පැවැති දේශපාලන සහාය සම්පූර්ණයෙන්ම ඉවත් කරා - මහේෂ් අඹේපිටිය

T

The Leader Desk

September 11, 2025 • 5:31 AM

පාතාලයට සහ මත්ද්‍රව්‍යයට පැවැති දේශපාලන සහාය සම්පූර්ණයෙන්ම ඉවත් කරා - මහේෂ් අඹේපිටිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ පාතාලය සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලියට සහය පළ කිරීම වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය ඊයේ (10) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.
  • එබැවින් මෙම විෂමද්‍රව්‍ය ව්‍යාපාරය සහමුලින්ම අවසන් කරමින්, මෙරට තරුණ තරුණියන්ට වෙනත් මාවතක් විවර කිරීමේ වගකීම මෙම ආණ්ඩුව භාර ගෙන තෙබෙනවා.
  • ඒයට ආණ්ඩුව විසින් ගෙනයන වැඩපිළිවෙළ සාක්‍ෂි සපයනවා.'' නාමල් රාජපක්ෂලා ගේ ලජ්ජා සහගත ප්‍රකාශ - SYU ජාතික කමිටු සාමාජික සුරංග සංජීව ''මිද්දෙනිය සිදුවීමට අදාළව සලකා බැලූ විට එහි පවතින දේශපාලන පසුබිම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි යි.
  • එවැනි පසුබිමක් යටතේ නාමල් රාජපක්ෂලා මාධ්‍ය හමු පවත්වාගෙන කරනු ලබන ප්‍රකාශයන් ලැජ්ජා සහගත ප්‍රකාශ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ පාතාලය සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලියට සහය පළ කිරීම වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය ඊයේ (10) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහේෂ් අඹේපිටිය...

WhatsApp Image 2025 09 11 at 8.38.48 AM
විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළට උපරිම සහාය

''මේ විදියට දේශපාලන සහාය හේතුවෙන් විපක්ෂයේ බොහෝ පිරිස් කලබලයට පත් වෙලා. මේ වන විට පාතාලය හා විෂ මත්ද්‍රව්‍යය ව්‍යාපාරය යොදා ගනිමින් දේශපාලන බලය පවත්වාගෙන ගිය පිරිස් වෙත සිය බලය සම්පූර්ණයෙන්ම අහිමි වෙලා. විෂමත්ද්‍රව්‍යයට එරෙහිව කටයුතු කළ ව්‍යාපාරයක් ලෙස සමාජවාදී තරුණ සංගමය ඉදිරියේදීත් ආණ්ඩුව ගෙන යන විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළට උපරිම සහාය දක්වනවා.''

සමස්ත සෞඛ්‍ය වියදමෙන් 22%ක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ලෙඩ රෝගවලට - SYU ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත්

 

WhatsApp Image 2025 09 11 at 8.38.49 AM
''ශ්‍රී ලංකාවට දැරීමට ඇති සමස්ත සෞඛ්‍ය වියදමෙන් 22%ක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ලෙඩ රෝගවලට ලක් වූ අයට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් යෙදවීමට සිදුව තිබීම ඛේදවාචකයක්.  එබැවින් මෙම විෂමද්‍රව්‍ය ව්‍යාපාරය සහමුලින්ම අවසන් කරමින්, මෙරට තරුණ තරුණියන්ට වෙනත් මාවතක් විවර කිරීමේ වගකීම මෙම ආණ්ඩුව භාර ගෙන තෙබෙනවා. ඒයට ආණ්ඩුව විසින් ගෙනයන වැඩපිළිවෙළ සාක්‍ෂි සපයනවා.''

නාමල් රාජපක්ෂලා ගේ ලජ්ජා සහගත ප්‍රකාශ - SYU ජාතික කමිටු සාමාජික සුරංග සංජීව 

 

WhatsApp Image 2025 09 11 at 8.38.49 AM 1
''මිද්දෙනිය සිදුවීමට අදාළව සලකා බැලූ විට එහි පවතින දේශපාලන පසුබිම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි යි. එම සිදුවීමට අදාළ තැනැත්තා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. එවැනි පසුබිමක් යටතේ නාමල් රාජපක්ෂලා මාධ්‍ය හමු පවත්වාගෙන කරනු ලබන ප්‍රකාශයන් ලැජ්ජා සහගත ප්‍රකාශ. පාතාලය සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් මෙරට තරුණ තරුණියන් හා සියලුම ජනතාවගේ මැදිහත්වීම ද අත්‍යවශ්‍ය යි. පාතාලයේ සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් ආණ්ඩුවට සහාය දැක්වීමට  පුරවැසියාට ද වගකීමක් පැවරෙනවා.''

එම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සුරංග සංජීව ද සහභාගී වූහ.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...