ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
නිසි තොරතුරු යනාදිය සහ මහමොළකරු කවුද යන්න සොයා බලන තුඩු දෙන විවාදයක් ගැන කතා කරන විට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන්න.
කතානායකවරයා විශ්වාසභංගය ගැන ලබා දුන් තීන්දුව ගැන කරුණු ඉදිරිපත් කිරිමට තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියට අනුව පැහැදිලිවම ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාවලියේ දී නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරනවා. අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා විධායකයේ කොටසක්.
පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විටත් කැබිනට් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා උත්තර දෙන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) සහ 46 (3) වගන්ති අනුව පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ගැන තිබෙනවා.''




