The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වතු කම්කරු පඩි වැඩි නොකිරීමට හාම්පුතුන් දක්වන හේතු ආණ්ඩුව පිළිගනී

T

The Leader Desk

September 12, 2025 • 3:51 AM

වතු කම්කරු පඩි වැඩි නොකිරීමට හාම්පුතුන් දක්වන හේතු ආණ්ඩුව පිළිගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වතු සමාගම් නියෝජනය කරන ප්‍රධාන විධායක නිළධාරින් සමග පැවැති සාකච්ඡාවකින් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා වැටුප් වැඩි කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් හාම්පුතුන් දක්වන හේතු සාධාරණය කිරීමට වෑයම් කර තිබේ.
  • "ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකා තේ මිල පහත වැටී ඇති බවත්, තේ සඳහා නිසි මිලක් නොලැබෙන බවත්, නිෂ්පාදනය සඳහා වැඩි මුදලක් වැය වන බවත්, කම්කරුවන් සඳහා වන අනෙකුත් සුභසාධන වැඩ පිළිවෙල සඳහා වැඩි මුදලක් වැය කරන බවත් ඔවුන් කිව්වා.
  • වැටුප් වැඩිවීමක් ලබා දිය නොහැකි බව ඔවුන් කිව්වේ නැහැ.
  • වතු හාම්පුතුන්ගේ හේතු දැක්වීම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට හානිකර බව ලෝක බැංකුව ප්‍රකාශ කළ දිනයේමය.
අකුරු ප්‍රමාණය (Font Size):


වතු සමාගම් නියෝජනය කරන ප්‍රධාන විධායක නිළධාරින් සමග පැවැති සාකච්ඡාවකින් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා වැටුප් වැඩි කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් හාම්පුතුන් දක්වන හේතු සාධාරණය කිරීමට වෑයම් කර තිබේ.

"ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකා තේ මිල පහත වැටී ඇති බවත්, තේ සඳහා නිසි මිලක් නොලැබෙන බවත්, නිෂ්පාදනය සඳහා වැඩි මුදලක් වැය වන බවත්, කම්කරුවන් සඳහා වන අනෙකුත් සුභසාධන වැඩ පිළිවෙල සඳහා වැඩි මුදලක් වැය කරන බවත් ඔවුන් කිව්වා. වැටුප් වැඩිවීමක් ලබා දිය නොහැකි බව ඔවුන් කිව්වේ නැහැ. වැටුප් වැඩිවීමක් ලබා දීමට නොහැකි වීමට හේතු ඔවුන් පැහැදිලි කරා," යි මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප් පවසා ඇත.

වතු හාම්පුතුන්ගේ හේතු දැක්වීම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට හානිකර බව ලෝක බැංකුව ප්‍රකාශ කළ දිනයේමය.

වත්මන් රජය විසින් පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේද දෛනික වැටුප රුපියල් 1700 ක්  දක්වා ඉහල නැංවීමේ යෝජනාව සඳහා එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් වතු සමාගම් නියෝජනය කරන ප්‍රධාන විධායක නිළධාරින් සමඟ සැප්තැම්බර් 9 වැනිදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ වැවිලි අමාත්‍යාංශයේදීය.

"ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට යථා තත්වයට පත් කරන ලද  මූල්‍යමය පියවර විසින්ම ඇති කළ ඉහල වක්‍ර බදු හා රාජ්‍ය අංශයේ මූර්ත වැටුප් අඩුවීම පවුල්වලට අහිතකර ලෙස බලපා ඇති," බව ලෝක බැංකුව විසින් එදිනම පලකරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ අලුත්ම වාර්තාව පවසයි.

වැටුප් ගෙවීම සඳහා නිෂ්පාදනය පදනම් කරගැනීමට ආණ්ඩුව එකඟතාවය පළ කළ බව  සාකච්ඡාවෙන් අනතුරුව වතු සමාගම් පැවසුවේ යැයි  ජනමාධ්‍ය වාර්තා කර තිබේ.  

"නිෂ්පාදනය පදනම් කරගත් වැටුප් වැඩිවීමකට ආණ්ඩුව එකඟතාවය පළ කළා. ඒ සඳහා සැලැස්ම ඉදිරිපත් කරන ලෙස රජය ඉල්ලා සිටියා. අපි සැලැස්ම ලබන සතියේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. කම්කරුවන්ට වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වන පරිදි සැලැස්මක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කරනවා."

තවත් මාසයකින් මේ සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡාවක් පැවැත්වෙන බව සදහන් කරන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මාධ්‍ය හමුවේදී වතු කම්කරු ජනතාවට යළිත් වරක් පොරොන්දු වී ඇත්තේ ජාතික ජන බලවේගයේ රජය පසුගිය සමයේ දිගින් දිගටම පැවසු පරිදි වතු කම්කරුවන්ගේ  දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවයි.


ගැසට්

ශ්‍රමයට සරිලන වැටුප් වැඩිකිරීමක් ඉල්ලා වසර ගණනාවක් තිස්සේ  සිදු කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් වතු සේවක කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේය.

දෛනික අවම ගෙවීම රුපියල් 1,350ක් ලෙස ද එලදායිතාව මත පදනම් වූ දිරි දීමනාව ලෙස රුපියල් 350ක් ද කම්කරුවන්ගේ වැටුපට දෛනිකව එකතු වන අයුරින් 2024 වසරේ අගෝස්තු 13 වැනිදා  දා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුනි.

ජාතික ජන බලවේග රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්  2025 වර්ෂය සදහා වන  අයවැය යෝජනාව මගින්  වතු කම්කරුවන්ගේ යෝජිත රුපියල් 1,700ක දෛනික වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ නිකුත් කළ ඉහත ගැසට් නිවේදනය හෝ අනුර ජනාධිපතිවරයාගේ පොරොන්දුව ද වතු කම්කරුවන් වෙනුවෙන් මේ තාක් ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව අසමත්ව තිබේ. වතු වෘත්තීය සමිති පෙන්වා දෙන පරිදි අවුරුදු කීපයකට ඉහතදී ප්‍රමාණවත්වූ රුපියල් 1700ක දෛනික වැටුප ද අද පවත්නා ආර්ථික තත්වය හමුවේ නොසෑහෙයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...