The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර

T

The Leader Desk

September 12, 2025 • 5:37 AM

නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිඥ විජිත කුමාර නමැත්තෙකු විසින් ගොනු කරනු ලැබ තිබූ එම පෙත්සමෙන් එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව පිරිසක් නම්කර තිබුණි.
  • අදාළ විදුලි ගාස්තුව මේ වන විට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.
  • වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ, අදාළ විදුලි ගාස්තු මේ වන විට ගෙවා අවසන් කර තිබෙන බව ය.
  • දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිඥ විජිත කුමාර නමැත්තෙකු විසින් ගොනු කරනු ලැබ තිබූ එම පෙත්සමෙන් එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව පිරිසක් නම්කර තිබුණි.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

පෙත්සමෙන් ඉල්ලූ 'එක ම දේ'

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර තිබූ බව ය.

 

අදාළ විදුලි ගාස්තුව මේ වන විට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

 

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ, අදාළ විදුලි ගාස්තු මේ වන විට ගෙවා අවසන් කර තිබෙන බව ය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය.

විදුලි ගාස්තු රු. මිලියන 2ක්

හිටපු අමාත්‍ය නාමල් රාජපක්‍ෂගේ විවාහ මංගල උත්සවයේදී පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 2කට අධික මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුණත් ඔවුන් එම විදුලි ගාස්තු ගෙවා නොතිබූ බව ය.

ඉන් කලකට පසුව මෙම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව අදාළ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියේ ය.

සාමාන්‍ය මහ ජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කරන බව පෙන්වා දෙන පෙත්සම්කරු එහෙත් මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අය කර ගැන ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් සඳහන් කළේ ය.

ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා එම නීතිඥවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...