The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද? නැද්ද? - තීරණය දැනුම්දෙයි

T

The Leader Desk

September 12, 2025 • 10:14 AM

ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද? නැද්ද? - තීරණය දැනුම්දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
  • එම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගෙන නොමැති බවයි.
  • විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගැනෙන්නේ ඉන් පසුව බවත් ඔහු සඳහන් කර සිටියේ ය.
  • එහිදී පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදේශගතව සිටින සිය සේවාදායකයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවත් එසේ පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොලේ දී ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් පෙන්වා දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන්ව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

 

එම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගෙන නොමැති බවයි. විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගැනෙන්නේ ඉන් පසුව බවත් ඔහු සඳහන් කර සිටියේ ය.

 

පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේය.

එහිදී පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදේශගතව සිටින සිය සේවාදායකයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවත් එසේ පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොලේ දී ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් පෙන්වා දුන්නේ ය.

එම අවස්ථාවේදී වග උත්තරකාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් විසින් තීරණයක් ගෙන නොමැති බවයි.

විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගැනෙන්නේ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව බවත් ඔහු සඳහන් කර සිටියේ ය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 17 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය තීන්දු කළේය.

 

පෙත්සම්කරු කියා සිටින්නේ ශාන්ත සමරවීර නමැති පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඉකුත් ජූලි මස 28 වනදා හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි. LTTE සංවිධානයේ ත්‍රිකුණාමලයේ හිටපු නායකයෙකු මෙන්ම එම දිස්ත්‍රික්කයේ හිටපු බුද්ධි අංශ නායකයකු වන සෙල්වතම්බි මහේන්ද්‍රන් නමැත්තා ලබාදුන් ප්‍රකාශයක් මත හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසයි.

 

ඉකුත් අගෝස්තු මස 05 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ තමා හිටපු නාවික හමුදාපතිවරයා LTTE සංවිධානයේ නායකයකුගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කළ බවත් පොලිසිය විසින් අනීතික ලෙස හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව තහවුරු කෙරෙන කරුණු එහිදී තමන් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමා කිසිදු ජනවර්ගයකට හෝ ආගමකට බලපෑම් වන ආකාරයේ නොසන්සුන් වන ආකාරයේ ප්‍රකාශයක් නොකළ බවත් ඔහු කියා සිටියේය.
පෙත්සම්කරු පවසන්නේ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම පිටුපස ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත ජීවත් වන බෙදුම්වාදී LTTE හිතවාදීන් සිටින බවයි.

එමඟින් මෙරට සන්නද්ධ හමුදාවන්ගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවන්ට එරෙහිව පදනම් විරහිතව එල්ල කරන ලද යුද අපරාධ චෝදනා සාධාරණීකරණය කිරීමට ඔවුන් උත්සාහ කරන බවට තමා විශ්වාස කරන බවත් පෙත්සම්කරු කියා සිටියි.

මේ අතර අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ඉදිරිපත් කළ කරුණු වලට අදාළව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවට ඉකුත් 27 ජනමාධ්‍ය විසින් පළ කළ වාර්තා තුළින් තමන් දැනගත් බවත් ඔහු සඳහන් කරයි.

 

වග උත්තරකරුවන් විසින් ඇප රහිතව තමන්ව රිමාන්ඩ් භාරයට පත් කර ගැනීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අවභාවිතාවට ලක් කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් සූදානම් වන බවත් පෙත්සම්කරු සඳහන් කර සිටියේය.

 

මේ වනවිට අධ්‍යයන කටයුත්තක් සඳහා තමන් විදේශගතව සිටින බවත් තමන් දිවයිනට පැමිණෙන අවස්ථාවේදීත් තමන්ව වග උත්තරකරුවන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙන බවත් පෙත්සම්කාර උදය ගම්මන්පිල සදහන් කළේය.

ඒ අනුව අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් පළකළ අදහස් පදනම් කරගෙන තමන්ව අත් අඩංගුවට ගැනීමට වග උත්තර කරුවන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා ඇත.

ඊට අමතරව අත්අඩංගුවට ගැනීමකින් තොරව තමන්ට දිවයිනට පිවිසීමට අවසර දෙන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...