The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සමගි ජන බලවේගය පලස්තින ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 12, 2025 • 11:22 AM

සමගි ජන බලවේගය පලස්තින ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ අද (12) පාර්ලිමේන්තුවේ දී ය.
  • සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ තමයි ඊශ්‍රාලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස සාමකාමීව ක්‍රියාමත්මක වීමට සහයෝගය ලබා දීම යි.
  • කුඩා බිලිඳා ගේ සිට මව්වරුන් කාන්තාවන් ඇතුළු සමස්ත සිවිල් පුරවැසියන් අද ගාසා තීරයේ සමූල ඝාතනයකට ලක් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ අද (12) පාර්ලිමේන්තුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...


පලස්තිනය මුහුණ දෙන්නෙ ඊශ්‍රායල් රාජ්‍ය ත්‍රස්තවාදයට

''පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ එය යුක්ති සහගත සහ සාධාරණ නිසා. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ තමයි ඊශ්‍රාලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස සාමකාමීව ක්‍රියාමත්මක වීමට සහයෝගය ලබා දීම යි. පලස්තීන ජනතාව අද ඊශ්‍රායල් රාජ්‍යයේ රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දෙනවා. කුඩා බිලිඳා ගේ සිට මව්වරුන් කාන්තාවන් ඇතුළු සමස්ත සිවිල් පුරවැසියන් අද ගාසා තීරයේ සමූල ඝාතනයකට ලක් වෙනවා. අපි මේ සමූල ඝාතනය තරයේ හෙළා දකිනවා.


ඊශ්‍රායලයේ මිනිමරු සංහාරය නැවැත්විය යුතුයි

රටවල් දෙකක් සාමකාමීව ක්‍රියාත්මක විය යුතු යි; එය එලෙස සිදු වන තුරු, පලස්තීන ජනතාවගේ අයිතිය සුරක්ෂා වන තුරු, රෝහල්වලට බෝම්බ දමා මිනීමරණ රාජ්‍ය ත්‍රස්තවාදී සංස්කෘතිය අවසන් වන තුරු, මෙකී මිනීමරණ රාජ්‍ය ත්‍රස්තවාදී සංස්කෘතිය ක්‍රියාත්මක කරන අය සමග කිසිදු මිත්‍රත්වයක් හෝ සංගමයක් අපිට නැහැ. මෙය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය සහ ස්ථාවරය යි. කිසිදු බලපෑමකට එම ස්ථාවරය වෙනස් කරන්න බැහැ. පලස්තීන ජනතාව ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක මහා සංහාරය මිනිමරු ක්‍රියාදාමය නැවැත්විය යුතු යි.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...