The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ස්ලීප් ඇප්නියා : ශෂින්ද්‍රට හුස්ම හිරවෙන ලෙඩක් ! - අධිකරණයට දැනුම් දෙයි

T

The Leader Desk

September 12, 2025 • 4:22 PM

ස්ලීප් ඇප්නියා : ශෂින්ද්‍රට හුස්ම හිරවෙන ලෙඩක් ! - අධිකරණයට දැනුම් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 12 වැනිදා) නියම කළේ ය.
  • ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම නිවේදනය කර සිටියේය.
  • එම වටිනාකම ඉහළ දමන ලෙස සැකකරු විසින් බලපෑම් කර තිබෙනවා.
  • එම රැස්වීමේදී අදාළ තක්සේරු වටිනාකම වැඩි කරන ලෙස මොහු අදාළ නිලධාරීන්ට බලපෑම් කර තිබෙනවා." ඒ අනුව රුපියල් 8850000/- වන්දිය නියම කරන ලෙස ඔහු බලපෑම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 12 වැනිදා) නියම කළේ ය.

ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම නිවේදනය කර සිටියේය.


පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසර ලෙස ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගලකරුවන් විසින් විනාශ කිරීමේ සිද්ධියට අදාළව ගෙවිය යුතු වන්දි මුදල හානිපූර්ණ කාර්යාලය විසින් නිසි පරිදි නිශ්චය කර තිබියදී එම වටිනාකම වෙනස් කරන ලෙස මෙම සැකකරු විසින් එහි නිලධාරීන්ට බලපෑම් කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.


වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීයා"ස්වාමීනී.. මහවැලි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගල කරුවන් විසින් විනාශ කළා. ඊට අදාළව ගෙවිය යුතු නියමිත නිල වන්දිය හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන් විසින් තක්සේරු කළා. නමුත් එම නිල වටිනාකම මේ සැකකරු විසින් පිළිගෙන නෑ. එම වටිනාකම ඉහළ දමන ලෙස සැකකරු විසින් බලපෑම් කර තිබෙනවා. එම බලපෑම් දිගින් දිගටම නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළා. ඉන්පසුව තක්සේරු නිලධාරීන්ව පාර්ලිමේන්තුවට ගෙන්වා මෙම සැකකරු විසින් ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබෙනවා. එම රැස්වීමේදී අදාළ තක්සේරු වටිනාකම වැඩි කරන ලෙස මොහු අදාළ නිලධාරීන්ට බලපෑම් කර තිබෙනවා."


ඒ අනුව රුපියල් 8850000/- වන්දිය නියම කරන ලෙස ඔහු බලපෑම් කර තිබෙනවා. ස්වාමීනි.. මේක පොදු දේපල පනතේ 8(1) වගන්තිය යටතේ සිදුකළ වරදක්. මේ හරහා මොහු දූෂණ විරෝධී පනත යටතේත් වරදක් සිදුකර තිබෙනවා" යනුවෙන් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරියා ඉදිරි විමර්ශන තවදුරටත් සිදුවන බවත් මෙම අවස්ථාවේදී සැකකරු ඇපමත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේ ය.

පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනව ලු !

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී.. මෙම සැකකරු නින්දේදී හුස්ම හිරවීමේ රෝගයට ගොදුරු වී සිටින පුද්ගලයෙක්. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සෑහෙන්න පිරිහීමට ලක්වෙලා. මොහු ස්ලීප් ඇප්නියා (sleep apnea) රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳිනවා.

ස්වාමීනී ස්ලීප් ඇප්නියා (sleep apnea) කියන්නේ නින්දේදී හුස්ම සිරවීමේ තත්ත්වයක්. මේ සැකකරුට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවීම සිදු වෙනවා. වෛද්‍ය වාර්තා වලින් පවා ඒ බව පැහැදිලි කර තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට "ස්ලීප් ඇප්නියා" මැෂින් එකක් භාවිත කළ යුතුයි. එපමණක් නොවෙයි නින්දේදී මෙම සැකකරු ගොරවන ආකාරය නිරීක්ෂණය කර වෙනස් වීම් සිදුවන්නේ නම් ඊට සාපේක්ෂව අදාළ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයත් වෙනස් කළ යුතුයි. මේ යන්ත්‍රය සෑම පුද්ගලයෙකුටම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නෑ. ඊට රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබෙන පුද්ගලයකු සිටිය යුතුයි.


මේ වෙනකොට මාසයක පමණ කාලයක් මේ සැකකරු අදාළ යන්ත්‍රය නොමැතිවයි බන්ධනාගාරය තුළ සිටින්නේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ රුධිරය පීඩනය වැඩිවෙනවා. රුධිරයේ පීඩනය වැඩිවීම නිසා පසුගිය සතියේ මොහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා. මේ නිසා ඔහුගේ ජීවිතය පවා අවදානම්කාරී තත්ත්වයකට පත්ව සිටිනවා" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මෙම සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේ ය.

'ඔහු මේ වන විට මියගොස් තිබිය යුතුයි'

ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි සැකකරු ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටියා ය.

"ස්වාමීනී... සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු පිළිගන්න බැහැ. මොහු මේ වන විට මැෂින් එක නැතුව මාසයක් පමණ බන්ධනාගාරේ සිටි බව සඳහන් වුණා. ඔහුට මේ කියන ආකාරයට දරුණු රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔහු මේ වන විට මියගොස් තිබිය යුතුයි." යනුවෙන් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම කරුණු ඇපදීමට තරම් සුවිශේෂි කරුණු නොවන බවත් ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 19 වනදා ප්‍රකාශයට පත්කරන බවත් එදින තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළේය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල )

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...