හිටි හැටියේ පරීක්ෂණයක් ආරම්භ කිරීම, ඔහු යලිත් බස්නායක නිලමේ ධුරයට පත්වීම වැලැක්වීමේ 'කුමන්ත්‍රණයක්' දැයි සාධාරණ සැකයක් මතුව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර ගේ නිල කාලය සැප්තැම්බර් 22 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඉන් අනතුරුව මාස තුනක් ඇතුළත බස්නායක නිලමේවරයෙකු පත්කර ගැනීමට ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනවරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ යුතුය.
ධුර කාලය නිමා වීමෙන් පසුව නිලවරණයක් පැවැත්වෙන තෙක් ධුරයේ සිටි පුද්ගලයාම වැඩබලන බස්නායක නිලමේ ලෙස නම් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ.
එම සම්ප්‍රදායට ගරු කරමින්, පසුගිය දා (සැප්තැම්බර් 07) සිය ධුර කාලය නිමාකළ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල එම ධුරයේ වැඩ බැලීම සඳහා පත්කිරීමට රජය කටයුතු කළේය. ඒ, මල්වතු - අස්ගිරි නාහිමිවරුන්ගේ අනුශාසනා මතයි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ දැනුම්දීම
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් සිදු කර ඇති නීති විරෝධී ක්‍රියා හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනතේ 15 (1) වගන්තිය ප්‍රකාරව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවත්, එම පරීක්ෂණය සඳහා අවශ්‍ය තොරතුරු, ලිපිලේඛන හා ප්‍රකාශ ලබා ගැනීම සැප්තැම්බර් 16 සිට සැප්තැම්බර් 20 දක්වා සිදු කරන බවත් එම ලිපිය මගින් දැනුම්දී ඇත.
එම පරීක්ෂණ කාර්යය සඳහා එච්.ඒ.යූ. ජයලත් (ප්‍රධාන අභ්‍යන්තර විගණක) සහ ජේ.පි.අරුණ ඉන්දික (සංවර්ධන නිලධාරී) නිලධාරීන් සහභාගී වන බවද එකී ලිපිය මගින් දැනුම්දී තිබේ.
මේ සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාකර ඇත්තේ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කිරීම වැලැක්වීමේ සැලසුමකින් යුතුව මෙම පරීක්ෂණය ආරම්භකර ඇති බවයි.
කෙසේවුවද විස්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවන්නේ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලවරණයට ඩිශාන් ගුණසේකර මෙවර ඉදිරිපත් නොවන බවයි.




