The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති ධූරය කබීර් හෂීම්ට

T

The Leader Desk

September 13, 2025 • 4:07 AM

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති ධූරය කබීර් හෂීම්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට පෙර කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් අගෝස්තු 6 වන දා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු සඳහා ඔහු මෙලෙස තේරී පත්විය.
  • අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා සඳහන් කළේ, දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධූරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ය.
  • එමෙන් ම, කාරක සභාවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
  • තව ද, නව සැලසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්ය භාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට පෙර කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් අගෝස්තු 6 වන දා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු සඳහා ඔහු මෙලෙස තේරී පත්විය.

සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන විසින් යෝජනා කර ස්ථිර කරන ලදී.

අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා සඳහන් කළේ, දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධූරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ය.

එමෙන් ම, කාරක සභාවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

තව ද, නව සැලසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්ය භාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...