“ඉරිදා මව්බිම” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එබව සඳහන් කර ඇත.
එම සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් 'මව්බිම' පුවත්පතේ මාධ්‍යවේදිනී අනුරාධා හේරත් පළකර ඇති පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
යුද්ධයකදී නොවිය යුතු දේවල් සම්බන්ධව මතයක සිටින නමුත් ඉන් අදහස් කරන්නේ යුද අපරාධ යන විශේෂිත මාතෘකාව යටතේ නොවන බවත් යුද්ධයක් ක්‍රියාත්මක වන විට යම් දේවල් සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
කෙසේ නමුත්, ඉන් ලංකාවේ හමුදාව යුද අපරාධ කළා යැයි අදහස් නොකරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
එහිදී මේ දිනවල පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසියේදී රටට බරපතළ චෝදනා කිහිපයක් එල්ල වීමට නියමිත බවත් ඒ පිළිබඳව දැනුවත්ද යන්න විමසූ විට ඔහු ලබාදුන් පිළිතුර මෙසේය.
“ඒ ගැන දැනුවත්. සාමාන්‍යයෙන් පසුගිය මාස 11ක කාලය තුළ අපේ ආණ්ඩුව පිහිටු වූ පසු අපි විසින් සංහිඳියාව, ජාතීන් අතර සමඟිය වැඩිදියුණු කරන්න වගේ ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. නීතිය හා සාමය පවත්වාගෙන යන්න අපි කරලා තියෙන ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලින් සත්‍ය වශයෙන් ම වෙනසක් සමාජයේ වෙලා තියෙනවා. දැන් මොන බරපතළ චෝදනා දැම්මත් අපි පෙන්වා තිබෙනවා මාස එකොළහට කරල තියෙන කටයුතු ගැන.”




