ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටිය යුතු බව නිවාස ලබාදීමට ඉදිරිපත් වී ඇති දේශපාලන හිතවතුන්ගේ ස්ථාවරය වී ඇත.
එම නිවාසවලින් කුමන නිවස තෝරා ගන්නේ ද යන්න පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.
ආරක්ෂක නිලධාරීන්ට රැඳී සිටිය හැකි ප්‍රමාණවත් ඉඩකඩක් මෙන්ම අවට නිවැසියන්ට අපහසුතාවයන් ඇති නොවන ලෙස වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් තිබෙන නිවසක් තෝරාගැනීම පිළිබඳව අවධානය යොමුවී ඇති බවත් වාර්තා වේ.
( divaina | එරික් ගාමිණී ජිනප්‍රිය)




