The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පළාත් සභා ඡන්දය පැවැත්වෙන ආකාරය සහ දින වකවානු ප්‍රසිද්ධියට පත් කරන්න - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

T

The Leader Desk

September 14, 2025 • 5:10 PM

 පළාත් සභා ඡන්දය පැවැත්වෙන ආකාරය සහ දින වකවානු ප්‍රසිද්ධියට පත් කරන්න - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රසිද්ධියට පත් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී.
  • වසර 11 කට පසුව පැවැත්වීමට නියමිත ඊලඟ පලාත් සභා ඡන්දය ඡන්දය, පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට රජය සලකා බලමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළ බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
  • රජය සැබෑ ලෙසම පළාත් සභා ඡන්දය ‍සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ ආකාරයට මේ වසර තුල පැවැත්වීමට පියවර ගන්නේ නම්, ඒ බව හැකි ඉක්මනින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී.
  • පළාත් සභාව නැවත වරක් ‘මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙනයන පාලනයක්’ බවට පත් කළ යුතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රසිද්ධියට පත් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී.

වසර 11 කට පසුව පැවැත්වීමට නියමිත ඊලඟ පලාත් සභා ඡන්දය ඡන්දය, පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට රජය සලකා බලමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළ බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

රජය සැබෑ ලෙසම පළාත් සභා ඡන්දය ‍සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ ආකාරයට මේ වසර තුල පැවැත්වීමට පියවර ගන්නේ නම්, ඒ බව හැකි ඉක්මනින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී.


පළාත් සභාව නැවත වරක් ‘මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙනයන පාලනයක්’ බවට පත් කළ යුතුව ඇත. පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වා, එය මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පාලනයක් බවට පත් කිරීමට සහායවීම සැමගේ වගකීමක් බව නිවේදනයක් නිතුත් කරමින් මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.


මේ වසරේ දී පළාත් සභා ඡන්දයක් පැවැත්වෙන්නේ නම්, එක් කෝටි අනූ ලක්ෂයකට ආසන්න ඡන්දදායකයින් ප්‍රමාණයකට පළාත් සභා 9 ක් සඳහා ඔවුන්ගේ ඡන්දයෙන් මහජන නියෝජිතයින් පත් කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. එය ජනතාවගේ ප්‍රශ්න ජනතා නියෝජිතයින් විසින් විසඳන පරිසරයක් නැවත නිර්මාණය කරනු ඇතැයි නිවේදනයේ දැක්වේ.  

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ විසින් මාසයකට ආසන්න කාලයක් පළාත් සභා ඡන්දය මේ වසර තුල පැවැත්වීමට කටයුතු කරන ලෙස රජයට බලපෑම් කරමින් සිටී. රජයේ ජ්‍යෙෂ්ඨයින් මේ දක්වාම ප්‍රකාශ කර සිටියේ නව සීමා නිර්ණය කමිටුවක් පත් කරන්නේ ද, නැතිනම් පැරණ සමානුපාතික ක්‍රමයට ඡන්දය පැවැත්වෙන්නේ ද යන්න පිළිබඳ රජය තවමත් නිල තීරණයක් ගෙන නොමැති බවයි.

මේ දක්වාම රජය පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කර නැත. එවැන්නක් සිදු කිරීමේ බලය හා වගකීම ඇත්තේ ගරු ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට ය. ජාතික ජනබලවේගය මැතිවරණ ප්‍රකාශනයේ දැක්වෙන්නේ වසරක් තුල පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බවය. රජය ජිනීවා මානව හිමිකම් කොමිසම් සභාව වෙත වාර්තා කරනු ලැබූබේ සීමා නිර්ණය ගැටළු විසඳීමෙන් පසුව ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බවයි. මෙම ව්‍යාකුල තත්වය සමනය කිරීම සඳහා ඡන්ද ක්‍රමය සහ ඡන්දය පැවැත්වෙන දින වකවානු වහා ප්‍රසිද්ධ කිරීම රජයේ වගකීම වන්නේය.

Rajith Keerthiරජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
2025.09.14

Rajith Keerthi Tennakoon
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළාත් සභා ඡන්දය පැවැත්වෙන ආකාරය සහ දින වකවානු ප්‍රසිද්ධියට පත් කරන්න - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය | The Leader