සිදුවිය.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව, කොළඹ 5 පස්වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ ගේ නිවසේදී මෙම හමුව සිදුවී ඇත.
ලෝක දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
නේපාලයේ දැනට පවතින දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දී ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර වූ සාකච්ඡාව පිළිබඳව ඉන්දීය මහා කොමසාරිස්වරයා විසින් නව දිල්ලියට වාර්තා කිරීමට නියමිත බවද දැන ගන්නට ඇත.
මේ අතර රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong (චී චෙන් හොං) අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ඉකුත් 12 වැනිදා සිදුවිය.




