The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සජබ ප්‍රතිපත්තිවලට පිටින් ගියොත් දැඩි විනය පියවර !

T

The Leader Desk

September 14, 2025 • 5:50 PM

සජබ ප්‍රතිපත්තිවලට පිටින් ගියොත් දැඩි විනය පියවර !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැනීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැනීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

සමගි ජන බලවේගයේ යම් අඩුපාඩු තිබෙනවා නම් එය පක්ෂය තුළ සාකච්ඡා කළ යුතු බවත් පක්ෂයෙන් පිටත විවිධ තැන්වල ඒ ගැන ප්‍රකාශ නිකුත් කරමින් පක්‍ෂය විවේචනය කරන පක්ෂ සාමාජයකින් සිටිනවා නම් ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට සිදුවන බවට පක්ෂ කෘත්‍යාධිකාරිය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ඔහු කියා සිටියේය.

පක්ෂයේ යම්කිසි ගැටළුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩම් රැස්වීම, පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය, පක්ෂයේ කළමනාකරණ කමිටුව යන ස්ථානවල සාකච්ඡා කළ හැකි බවත් ඉන් පිටත සාකච්ඡා කිරීමෙන් සිදුවන්නේ පක්ෂයේ විනය කඩකිරීමක් බවත් මේ නිසා ඒ ගැන පක්ෂයේ දැඩි අවධානය යොමුවන බවත් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසිය.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගියදා පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ බවත් ඒ සඳහා බහුතරයක් පිරිස සහභාගි වූ බවත් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

| hirunews
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...