ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (14) මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අවස්ථාව සඳහා එක්වෙමිනි.
ශ්‍රී විපශ්‍යාරාම රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද මහනායක ස්වාමීන් වහන්සේලා ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ අතර එහි දී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව සදාතුක කරඩුව මංගල හස්ථිරාජයා මතට තැන්පත් කිරීමේ උතුම් අවස්ථාවට ද එක්විය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
''මීට වසර 49කට පෙර මල් පෙරහැරක් ලෙස ආරම්භ වූ මහරගම පෙරහැර අද වන විට දැවැන්ත පෙරහැරක් වී තිබෙනවා. මෙය සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා පැවැත්ම උදෙසා ඉතා වැදගත්. සම්බුද්ධ ශාසනය ආරක්ෂක කිරීම රැක ගැනීම පුරවැසියන් වන සියලු දෙනාගේ වගකීම සහ යුතුකමක්. එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා පැහැදිලිව අන්තර්ගත යි.
සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර අනෙකුත් ආගම් හා ජාති වෙනුවෙන් වන ආරක්ෂණය සහ සුරක්ෂණය ලබා දෙමින් රටේම ඒකීයභාවය භෞමික අඛණ්ඩව ආරක්ෂා කරන්න අපි කැපවෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමේ විවිධ අවවාද උපදෙස් අනුගමනය කරන විට සුවපත් සශ්‍රීක දේශයක් බිහි කළ හැකි යි. බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය පුරවැසි අප සියලු දෙනාටම වැදගත්.''




