The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ජනතා ගැටලු පෙන්වද්දි පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් විසන්ධි කරනවා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 15, 2025 • 11:57 AM

ජනතා ගැටලු පෙන්වද්දි පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් විසන්ධි කරනවා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙතෙම මෙම අදහස් පළ කළේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය යටතේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගොවි ගැටලු සොයා බැලීම සඳහා මැදවච්චිය ප්‍රදේශයට ගිය අවස්ථාවේ දී ය.
  • ජනතාව ආණ්ඩු පාර්ශ්වයේ විවිධ රංගනවලට අහු වෙලා විපක්ෂ නායකවරයා ලෙස මමත් විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුනුත් නැගී සිටින්නේ පෞද්ගලික දේවල් පැවසීමට නෙවෙයි; ජනතා ගැටලු ඉදිරිපත් කිරීමට.
  • ඒ නිසා ඒ අවස්ථාවේ එයට බාධා කරන එක, අදහස් ප්‍රකාශනයට බාධා පැමිණවීම බාල, පහත් ක්‍රියාවක්.
  • අද ඇත්තේ විසඳුම් ලබා දීම නෙවෙයි, බොරු කතා ඉදිරිපත් කර විපක්ෂයේ කටවල් වහන යුගයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


හෙතෙම මෙම අදහස් පළ කළේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය යටතේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගොවි ගැටලු සොයා බැලීම සඳහා මැදවච්චිය ප්‍රදේශයට ගිය අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...


ජනතාව ආණ්ඩු පාර්ශ්වයේ විවිධ රංගනවලට අහු වෙලා

විපක්ෂ නායකවරයා ලෙස මමත් විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුනුත් නැගී සිටින්නේ පෞද්ගලික දේවල් පැවසීමට නෙවෙයි; ජනතා ගැටලු ඉදිරිපත් කිරීමට. ඒ නිසා ඒ අවස්ථාවේ එයට බාධා කරන එක, අදහස් ප්‍රකාශනයට බාධා පැමිණවීම බාල, පහත් ක්‍රියාවක්. විය යුත්තේ මයික්‍රෆෝන විසන්ධි කිරිම හෝ බාධා කිරීම නෙවෙයි; විපක්ෂය ඉදිරිපත් කරන ජනතාවගේ ගැටලුවලට සවන්දී ප්‍රායෝගික පිළිතුරු ලබා දීම යි.

අද ඇත්තේ විසඳුම් ලබා දීම නෙවෙයි, බොරු කතා ඉදිරිපත් කර විපක්ෂයේ කටවල් වහන යුගයක්. මෙය දේශපාලන නාට්‍යයක් නෙවෙයි; ජනතාවගේ ගැටලු රජය හමුවේ ඉදිරිපත් කර, ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කිරීමක්. 2020 වසරේ සිට මෙය ක්‍රියාත්මක වුණ නිසා මෙය දේශපාලන රංගන නෙවෙයි. ජනතාව ආණ්ඩු පාර්ශ්වයේ විවිධ රංගනයන්ට හසුවී බලා සිටියට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රගපෑම්වලින් තොරව සැබෑ ලෙසම ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙනවා.

ආණ්ඩුවේ නළු නිළි සංගමය

අද පොදු ජනතාව මුහුණ දෙන්නේ බරපතළ ගැටලුවලට වුනත් ඒවාට රජයට විසඳුම් නැහැ. රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඇගලුම් කම්හල් අද වැසී ගොස් තිබෙනවා. දහස් ගණනකගේ රැකියා නැති වී තරුණ තරුණියන් පවා අනාථ වෙලා. ඊට අමතරව අලි මිනිස් ගැටුමට පවා විසඳුම් නැහැ. වගා හානියට, ජීවිත හානියට, දේපළ හානියට විධිමත් රක්ෂණ වැඩපිළිවෙළක් නැහැ. මැතිවරණ කාලයේ විදුලි වැට සකස් කරනවා කියපු අය දේශපාලන රංගනවල නිරත වෙමින් කුප්‍රකට නළුවන් වෙලා.

ජනතාව රජයන යුගයක් අපි බිහි කරනවා

වීවලට ලබා දෙනවා කියපු සහතික මිල අද නෑ. රුපියල් 120ට වී ගන්නවා කිව්වට අද රුපියල්105ටත් තෙත වී රුපියල් 90ටත් 95ටත් මිලදී ගෙන, ගොවියා සදාකාලිකව දුප්පතුන් බවට පත් කරවන මේ බොරුකාර රැවටිලිකාර වංචාකාර ක්‍රමවේදය පරාජය කළ යුතු යි. 

 
එදා පොහොර මිටිය රුපියල් 5000ට එපා කියල මාව ප්‍රතික්ෂේප කරලා, රු.25000ක සහනාධාරය ඕන කියල වත්මන් රජයට ඡන්දය දුන්නට අද ඒ රු. 25000 ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අද වන විට කෘෂි රසායන ගුණාත්මක නෑ. මේ ගැටලුවලට තිරසර විසඳුම් ලබා දී ගොවි ජනතාව රජයන යුගයක් සමගි ජන බලවේගය බලයට පත් වූ පසු නිර්මාණය කරනවා.

රජයට නැති විසඳුම් සමගි ජන බලවේගයට තිබෙනවා

අද වන විට රජය පාරම්පරික හේන් ගොවිතැන් පවා තහනම් කරමින් යනවා. රක්ෂිත යැයි කියමින් හේන් ගොවියන්ගේ ඉඩම් පවරා ගන්නවා. මොවුන්ට ගොවියාගේ දුක තේරෙන්නෙ නෑ. වී, බඩඉරිගු, අල ගොවියාට සාධාරණ මිලක් නැති නිසා නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි වෙලා. රජයට මේවාට විසඳුම් නොමැති වුනාට සමගි ජන බලවේගයට විසඳුම් තිබෙනවා.

නිදහස් සෞඛ්‍යත් නමට විතරයි


වකුගඩු රෝගය බරපතළ ලෙස ක්‍රියාත්මක වන කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රෝහලට ප්‍රමාණවත් තරම් රුධිර කාන්දුකරන උපකරණ නැහැ. රජයට මේවා සම්පූර්ණ කළ නොහැකි වුවහොත් එය සම්පූර්ණ කරන්න කටයුතු අපි කරනවා. 
 
මේ වන විට රටේ බරපතළ ඖෂධ හිගයක් තිබෙනවා. නිදහස් සෞඛ්‍ය වුවත් ප්‍රමාණවත් තරම් බෙහෙත් නෑ. නිදහස් සෞඛ්‍ය යනු මූලික හා මානව අයිතිවාසිකමක් බැවින් එය ආරක්ෂා කළ යුතු යි. රජයේ බොරුවලට තවදුරටත් මංමුළා වෙන්න එපා.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...