The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වියත්පුර නිවාස ලබා ගැනීමේ දී ආණ්ඩුව සමග ඇති කරගත් ගිවිසුම ආණ්ඩුව ම උල්ලංඝනය කරලා - ප්‍රේම්නාත් දොලවත්ත

T

The Leader Desk

September 15, 2025 • 2:47 PM

 වියත්පුර නිවාස ලබා ගැනීමේ දී ආණ්ඩුව සමග ඇති කරගත් ගිවිසුම ආණ්ඩුව ම උල්ලංඝනය කරලා - ප්‍රේම්නාත් දොලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදලකට මන්ත්‍රීවරුන් වෙත ලබා දීම තුළින් රජයට පාඩුවක් සිදුව ඇතැයි පවසමින් ආණ්ඩුව ව්‍යාජ මතයක් සමාජ ගත කිරීමට උත්සහ දරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේම්නාත් සී.
  • එක් ලක්ෂ හතළිස් දෙදාහ බැගින් ගෙවනවා ඒ පිළිබඳ වැඩි දුරටත් කරුණු පැහැදිළි කරමින් ඔහු සඳහන් කළ පරිදි මෙම වියත්පුර නිවාස සංකීර්ණයේ එක් නිවසක් රු ලක්ෂ 110ක මුදලකට විකිණීම සඳහා තීරණය කර තිබු අතර මෙම නිවාස ඒකකයක් තමන් වෙත ලබා දීමේ දී එම නිවසේ බදු සහිත වටිනාකම රු.
  • ලක්ෂ 202 ක් වන බවත් එය ගෙවීමේ පදනම මත ලබා දී ඇති අතර වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු 2024 දෙසැම්බර් මාසයේ 31 වන දිනට පෙර මූලික ගෙවීම සිදු කරන මෙන් සිදු කළ දැණුම්දීමක් අනුව වටිනාකමෙන් 25% වන ලෙස ලක්ෂ 50 ගණනක මුදලක් මූලික ගෙවීම වශයෙන් සිදු කළ අතර මේ වන විට මාසිකව මාසයකට රු.
  • රජයට කිසිදු පාඩුවක් සිදු වී නැහැ ඒ ආකාරයට ගෙවීමේ ක්‍රමයට ලබා ගෙන ඇති මෙම නිවාස ගෙවා අවසන් වීමේ දී රජයට රු.
අකුරු ප්‍රමාණය (Font Size):

මුදලකට මන්ත්‍රීවරුන් වෙත ලබා දීම තුළින් රජයට පාඩුවක් සිදුව ඇතැයි පවසමින් ආණ්ඩුව ව්‍යාජ මතයක් සමාජ ගත කිරීමට උත්සහ දරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත සඳහන් කරයි.

අදාළ මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කීර්ති නාමයට හානියක්

මේ සම්බන්ධව වත්මන් ආණ්ඩුව අවස්ථා දෙකක දී මාධ්‍ය වෙත සාවද්‍ය සහ සමාජය නොමග යවනසුලු අදහස් පළ කිරීම තුළින් සහ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් ඒ පිළිබඳව ඔවුන්ගෙන් තොරතුරු විමසීමකින් තොරව වැඩි දුර සොයා නොබලා කරුණු වාර්තා කිරීම තුළින් ජනතාව අසත්‍ය වාර්තා විශ්වාස කිරීමටත්, ඒවා තවදුරටත් ප්‍රචාරණයටත් පෙලඹීම තුළින් අදාළ මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කීර්ති නාමයට සිදුවන හානිය බරපතළ බව ද ඔහු සඳහන් කරයි.

තවමත් මෙම නිවාස සංකීර්ණයේ මිලදී නොගත් නිවාස ඒකක පවතින බවත්, මධ්‍යම පාන්තික ප්‍රජාවට මිලදී ගැනීම සඳහා නිර්මාණය කළ මෙම නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් වෙත නිවාස ලබා දීමට ප්‍රධාන හේතුව වූයේ පසුගිය අරගල සමයේ නිවාස විනාශ වීමෙන් පසු බොහෝ මන්ත්‍රීවරුන්ට රැදී සිටීමට නිවසක් සහ ආරක්ෂිත ස්ථානයක් නොමැති වීම බව ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.

දැනටත් මාසයකට රු. එක් ලක්ෂ හතළිස් දෙදාහ බැගින් ගෙවනවා

ඒ පිළිබඳ වැඩි දුරටත් කරුණු පැහැදිළි කරමින් ඔහු සඳහන් කළ පරිදි මෙම වියත්පුර නිවාස සංකීර්ණයේ එක් නිවසක් රු ලක්ෂ 110ක මුදලකට විකිණීම සඳහා තීරණය කර තිබු අතර මෙම නිවාස ඒකකයක් තමන් වෙත ලබා දීමේ දී එම නිවසේ බදු සහිත වටිනාකම රු. ලක්ෂ 202 ක් වන බවත් එය ගෙවීමේ පදනම මත ලබා දී ඇති අතර වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු 2024 දෙසැම්බර් මාසයේ 31 වන දිනට පෙර මූලික ගෙවීම සිදු කරන මෙන් සිදු කළ දැණුම්දීමක් අනුව වටිනාකමෙන් 25% වන ලෙස ලක්ෂ 50 ගණනක මුදලක් මූලික ගෙවීම වශයෙන් සිදු කළ අතර මේ වන විට මාසිකව මාසයකට රු. එක් ලක්ෂ හතළිස් දෙදාහ බැගින් ගෙවීම් කරන බවයි.

මෙම නිවාස ලබා දීමේ දී මන්ත්‍රීවරුන්ට කිසිදු විශේෂ සහනයක් ලබා දී නොමැති බවත්, යම් කිසි භාණ්ඩයක් ගෙවීමේ පදනමට කොටස් වශයෙන් වාරික ලෙස ගෙවීමට ලබා දී ඇති පරිදි 10% ක පොලියක් සහිතව මාසික වාරික වශයෙන් ගිවිසුමක් අනුව ගෙවාගෙන යාමට මෙම නිවාස ලබා දී ඇති බවත්, එලෙස මන්ත්‍රීවරුන් කොටස් වශයෙන් මුදල් ගෙවාගෙන යාම සම්බන්ධව ආණ්ඩුව අකමැති නම් මුල් අවස්ථාවේ දී ගිවිසුමේ පරිදි 25%ක මුදල භාර නොගෙන බැංකු ණයක් මගින් එම නිවාස ලබා ගැනීමට අවස්ථාව ලබා දීමට තිබු බව ඔහු සඳහන් කරන ලදී.

රජයට කිසිදු පාඩුවක් සිදු වී නැහැ

ඒ ආකාරයට ගෙවීමේ ක්‍රමයට ලබා ගෙන ඇති මෙම නිවාස ගෙවා අවසන් වීමේ දී රජයට රු. ලක්ෂ 307 ක් මුදලක් ඔවුන් විසින් ගෙවීමට නියමිත බවත් මෙම රජය විසින් ලබා දුන් ගිවිසුම අනුව මූලික ගෙවීම ලෙස 25%ක මුදලක් ගෙවා ඉතිරි වාරික නියමිත දිනට ගෙවමින් පවතින පසුබිමක රජය පවසන පරිදි මේ තුළින් රජයට යම් පාඩුවක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධව මෙතෙක් කිසිදු දැණුම්දීමක් රජය විසින් සිදු කර නොමැති බවත් මෙම ආණ්ඩුව විසින් අදාළ ගිවිසුම උල්ළංඝනය කළා හෝ කිසියම් පාඩුවක් සිදු කළා යැයි කියා කිසිදු ආකාරයේ ලේඛනයක් නිවාස මිලදී ගත් පිරිස් වෙත යොමු නොකර මෙම නිවාස ලබා ගැනීම තුළින් මෙම මන්ත්‍රීවරුන් රජයට පාඩු සිදු කළ බවට වත්මන් රජය විසින් සාවද්‍ය ප්‍රකාශ ජනතාව අතරට යැවීම තුළින් එම මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩනැගීමට උත්සහ කරන බවත්, ආණ්ඩුව ඉහත ගිවිසුම උල්ළංඝනය කිරීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ඔහු විසින් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

සබැඳි පුවත් :

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...