ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
“පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” උදා කර දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව තිරසර, නවීන සහ ප්‍රමිතිගත පොදු ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය මත දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ. විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
සමරු ඵලකය නිරාවරණය කරමින් මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර, එහි පාලක මැදිරිය ඇතුළු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළේය.
මෙහිදී, උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ දුම්රිය සේවාව නොසලකා හැරීම සහ පැරණි දේශපාලන සංස්කෘතියේ ගොදුරු බවට දුම්රිය සේවකයින් පත්වීම මෙරට ගුණාත්මක දුම්රිය සේවාවක් ගොඩනැඟීමේදී අභියෝගයක්ව පැවතී බවයි.
ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරන ප්‍රධාන මාධ්‍යයක් වූ දුම්රිය සේවය පිළිබඳ ජනතා විශ්වසනීයත්වය ගොඩනඟමින් සක්‍රීය සහ කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වා ගැනීමත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් අරමුණු කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති, මගීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව, පෞද්ගලික අංශය ඇතුළු සියලුදෙනා එක් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදීද සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය ද, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහූ, පෞද්ගලික ආයතන නියෝජිතයෝ සහ පාසල් සිසුහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





