දුප්පත් සහ ආන්තිකකරණයට ලක් වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද කාර්යය සඳහා ප්‍රසිද්ධ Waraw Global Foundation ආයතනය, ශ්‍රී ලංකාවේ දුප්පත් සහ නොසලකා හැරීමට ලක් කර ඇති ප්‍රජාවට නොමිලේ නීති ආධාර සේවා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
ඉන්දියාවේ කීර්තිමත් Waraw Global Foundation සභාපති විජය වරා ප්‍රසාද් (Vijaya Vara Prasad) මේ බව ප්‍රකාශ කළේය.
විජය වරා ප්‍රසාද්
ඔහු මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ 2025 ICC ශ්‍රී ලංකා බේරුම්කරණ සහ මැදිහත්වීමේ සමුළුවට සහභාගීවීම සඳහා පැමිණි අවස්ථාවේදීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විජය වරප්‍රසාද් කියා සිටියේ, Waraw Global Foundation යනු නොමිලේ නීති සේවා සැපයීමට සහ ලොව පුරා අවදානමට ලක්විය හැකි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැප වූ ලාභ නොලබන සංවිධානයක් බවය.
යුක්තිය සඳහා සටන් කිරීමට සහ නීති නියෝජනයට සමාන ප්‍රවේශයක් සහතික කිරීමට දේශීය සංවිධාන, වෘත්තිකයන් සහ ආයතන සමඟ එක්ව කල් පවතින බලපෑමක් ඇති කිරීමට සහ වඩාත් සාධාරණ ලෝකයක් ගොඩනැගීම අපේක්‍ෂා කරමින් සිය මෙහෙවර ක්‍රියාත්මක කරන ආයතනයක් බව ද Waraw Global Foundation සභාපති විජය වරා ප්‍රසාද් (Vijaya Vara Prasad) අවධාරණය කළේය.
"අපගේ නොමිලේ නීති සේවා මෙහෙවර ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපි සතුටිනි පසුවෙමු. සෑම පුද්ගලයෙකුටම, ඔවුන්ගේ සමාජ-ආර්ථික පසුබිම නොසලකා, යුක්තිය ලබා ගැනීමේ අවස්ථාව ලැබිය යුතුයි. නීති නියෝජනය ලබා ගැනීමට මූල්‍යමය හැකියාවක් නොමැති අඩු පහසුකම් සහිත ප්‍රජාවන් බලගැන්වීම සහ ඔවුන්ට අධිකරණ තුළ සමාන නියෝජනයක් ලබා ගැනීමට සවියක්වීම අප පදනමේ අරමුණයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තමන්ට අධිකරණමය සාධාරණය ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ශක්තිය ලබා ගැනීමට ආර්ථික බලයක් නොමැති ජනතාවට නොමිලේ නීති ආධාර ලබාදීමේ මුලපිරීම් දියත් කිරීමට අමතරව, රට තුළ එහි උත්සාහයන්හි දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම සඳහා දේශීය විජය වරප්‍රසාද් සඳහන් කළේය.
(සටහන | ජේ. මුණසිංහ)




