The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මහා සංඝරත්නයට අවමන් කළැයි මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්

T

The Leader Desk

September 16, 2025 • 4:15 PM

මහා සංඝරත්නයට අවමන් කළැයි මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සඳහා තිනියාය පාලිත නායක ස්වාමින් වහන්සේ, මාළබේ සීලරතන නායක ස්වාමින් වහන්සේ, මහාචාර්ය පියරතන නායක ස්වාමින් වහන්සේ සහ නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර ද සහභාගි වූහ.
  • මෙහි දී පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමටත් සාක්ෂි කැඳවීමටත් දෙසැම්බර් 03 වන දිනය ලබා දී ඇත.
  • අද දින සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් සහභාගි වූ නමුත් මේ හා සම්බන්ධ අනිකුත් පොලිස් නිලධාරින් දෙදෙනා සහභාගි නොවූහ.
  • ඉදිරි නඩු වාරයේ දී ඔවුන් දෙදෙනා ද කැඳවන ලෙස විමර්ශන නිලධාරින් විසින් පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණයට පැමිණි තිනියාය පාලිත හිමි, මාළබේ සීලරතන හිමියන් පුමුඛ ගරුතර මහා සංඝරත්නයට අධිකරණ භුමියට ඇතුළු වීමට ඉඩ නොදි බාධා කරමින් ස්වාමින් වහන්සේලාට නොගැළපෙන අයුරින් කටයුතු කළ ඉහළ පොලිස් නිළධාරින් තිදෙනෙකු සම්බන්ධව මානව හිමිකම් කොම්ෂන් සභාවට කළ පැමිණිල්ලට අනුව අද උදෑසන 10.00 ට මානව හිමිකම් කොමිෂන් සභාවේ දී එම පැමිණිල්ල විභාගයට ගත්තේ ය.

මේ සඳහා තිනියාය පාලිත නායක ස්වාමින් වහන්සේ,  මාළබේ සීලරතන නායක ස්වාමින් වහන්සේ, මහාචාර්ය  පියරතන නායක ස්වාමින් වහන්සේ සහ  නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර ද සහභාගි වූහ.

මෙහි දී පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමටත් සාක්ෂි  කැඳවීමටත් දෙසැම්බර් 03 වන දිනය ලබා දී ඇත.  

අද දින සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් සහභාගි වූ නමුත් මේ හා සම්බන්ධ අනිකුත් පොලිස් නිලධාරින් දෙදෙනා සහභාගි නොවූහ. ඉදිරි නඩු වාරයේ දී ඔවුන් දෙදෙනා ද කැඳවන ලෙස විමර්ශන නිලධාරින් විසින් පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මෙම නිලධාරින්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වෙන බව පූජ්‍ය  තිනියාය පාලිත නායක ස්වාමින් වහන්සේ පැවසූහ.

cfyhe5y5

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...