The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ඇමති වසන්ත සමරසිංහ සතු වත්කම් මොනවා ද?: ආණ්ඩුව ඒ ගැන කියන්නේ මොනවා ද?

T

The Leader Desk

September 16, 2025 • 4:57 PM

ඇමති වසන්ත සමරසිංහ සතු වත්කම් මොනවා ද?: ආණ්ඩුව ඒ ගැන කියන්නේ මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ ප්‍රධාන තනතුරු දරන අය වාර්ෂික ව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව සිය වත්කම් පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු ය.
  • ඒ අනුව, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.
  • එම වත්කම් ප්‍රකාශ අතරින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ගොඩනැගී තිබේ.
  • වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සමීප සාමාජිකයන්හට අයත් වත්කම් ලෙස ඔහුගේ වත්කම් ප්‍රකාශයේ දක්වා ඇති ප්‍රධාන වත්කම් පහත පරිදි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයේ ප්‍රධාන තනතුරු දරන අය වාර්ෂික ව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව සිය වත්කම් පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු ය.

ඒ අනුව, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.

එම වත්කම් ප්‍රකාශ අතරින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ගොඩනැගී තිබේ.

gu5r4745g

අමාත්‍යවරයා සතු වත්කම් මොනවා ද?

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සමීප සාමාජිකයන්හට අයත් වත්කම් ලෙස ඔහුගේ වත්කම් ප්‍රකාශයේ දක්වා ඇති ප්‍රධාන වත්කම් පහත පරිදි ය.

 

Fපිළිවෙළින් රු. මිලියන 150ක් සහ 75ක් වටිනා පවුලෙන් උරුම වූ වාණිජ ගොඩනැගිලි දෙකක්

F එක් අයිතමයක් රු. මිලියන 3.25ක් වටිනා සූර්ය පැනල දෙකක්

F පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 10ක් වටිනා නේවාසික ගොඩනැගිල්ලක්

F රු. මිලියන 1.43ක් වටිනා ආභරණ

F පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට අයත් පිළිවෙළින් රු. මිලියන 2.21ක් හා 0.91ක් වටිනා ආභරණ

F 2013 වර්ෂයේ නිෂ්පාදිත රු. මිලියන 15ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක්

F රු. 653,850ක හා රු. මිලියන 1.1ක ඉත්රුම් තැන්පතු දෙකක්

F පවුලේ සාමාජිකයෙකුට අයත් රු. ලක්ෂ 2ක ස්ථිර තැන්පතුවක්

F පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 1.1ක ඉතුරුම් තැන්පතුවක්

F පවුලේ සාමාජිකයෙකුට අයත් LOLC සමාගමේ කොටස් 21,000ක්

F හිමිකාරිත්වය සහිත රු. මිලියන 5.1ක වාර්ෂික අදායමක්

F වාර්ෂිකව රු. ලක්ෂ 7ක කෘෂිකාර්මික අදායමක්

F වාර්ෂිකව රු. ලක්ෂ 2ක සූර්ය පැනල අදායමක්

F පවුලේ සාමාජිකයෙකුට වාර්ෂිකව හිමි වන රු. මිලියන 3ක වාර්ෂික ආදායමක්

F ඇ.ඩො. 3,000ක් වටිනා ඩිජිටල් මුදල් ඒකක

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ වසර ගණනාවක සිට පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු සතුව මෙවැනි වත්කම් ප්‍රමාණයක් ඇත්තේ කෙසේ දැයි මේ වන විට විවිධ පාර්ශව ප්‍රශ්න කරමින් තිබේ.

'ජනතාවට අයිති සත පහක් අරගෙන නෑ... මේ ආණ්ඩුවේ දෙවෙනියට වැඩියෙන් ම ප්‍රහාර එල්ල වෙන්නේ මට'

ඊයේ දිනයේ පැවති රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙම වත්කම් සිය පවුලේ උරුමය හරහා හිමි වූ ඒවා වන අතර, පසුගිය වසර 28ක කාලය තුළ ඔහු විසින් උපයා ගන්නා ලද ඒවා බව ය.
 

"සමහරු හිතන් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කරන අය මොකුත් කරන්නේ නෑ දේශපාලනය විතරයි කරන්නේ කියලා. අපි දේශපාලනය කරන ගමන් කළමනාකරණයකුත් තියෙනවා අපේ... මට මගේ පවුලෙන් ලැබුණු දේපළ ප්‍රමාණයක් තියෙනවා... මම 1997 ඉඳන් ක්ලාස් කරනවා... අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ කරන්න ගත්තට පස්සේ මට ක්ලාස් කරන්න බැරි වෙනවා," ඔහු පැවසුවේ ය.

"තඹුත්තේගම අපේ ඉඩමක් තියෙනවා, ඒකෙ ක්ලාස් එකක් පටන් ගන්නවා. මගේ කැලණිය විශ්වවිද්‍යාලයේ යාළුවෝ එහෙම ඇවිල්ලා ඒක පටන් ගත්තේ. අවුරුදු 28ක කතාව මේ."

"එතැන් සිට මම පොල් අතු වහල ගැහුවා, ටකරම් වහල ගැහුවා ඊට පස්සේ මම කොන්ක්‍රීට් දක්වා ගියා. දැනට ගත්තොත් තඹුත්තේගම තියෙන විශාල ප්‍රමාණයේ බිල්ඩිං එකක්. දැන් මම ඒක රෙන්ට් කරලා තියෙන්නේ," අමාත්‍යවරයා පැවසුවේ ය.

එමෙන් ම "ජනතාවට අයිති සත පහක් අරගෙන නෑ... මේ ආණ්ඩුවේ දෙවෙනියට වැඩියෙන් ම ප්‍රහාර එල්ල වෙන්නේ මට...." යැයි අමාත්‍යවරයා ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබිණි.

මැතිවරණයට පෙර පැවසුවේ කුමක් ද?
අමාත්‍යවරයා මැතිවරණයට පෙර පැවති වැඩසටහනකදී පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වන විට සිය පක්ෂයේ සාමාජිකයන් සහය දක්වන ආකාරය සම්බන්ධයෙන් පැවසූ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතියි.

"මම මෙතන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් තෙල් ටික ගහන එක... කෙසෙල් කැනක් කපලා දානවා වාහනේට. එහෙම නම් එළවළු ටිකක් දෙනවා. හාල් තියෙනවා නම් හාල් ටිකක් දෙනවා. අනුරාධපුර ගියා ම හාල් ටිකක්, පොල් ටිකක්... කුරුණෑගල ගියා ම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බෙනවා," ඔහු එම වීඩියෝවේ පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී මතු කළ ප්‍රශ්නය
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් අද දිනයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසීමක් සිදු කරන ලදී.

එහිදී ඔහුගෙන් විමසා සිටියේ, වත්කම් ප්‍රකාශයේ දැක්වෙන පරිදි වත්කම් ප්‍රමාණයක් ඇති වසන්ත සමරසිංහ මීට පෙර පවසා තිබූ පරිදි සාමාන්‍ය වැසියන් දුන් භාණ්ඩ පරිභෝජනය කිරීම නිවැරදි ද? යනුවෙනි.

එහිදී ඔහු පැවසුවේ, සිය පක්ෂයේ සාමාජිකයන්හට වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ වත්කම් සම්බන්ධ ගැටලුවක් නොමැති බව ය.

"ඔය ප්‍රශ්නය මම හිතන්නේ නෑ අපට සහයෝගය දක්වපු සාමාජිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. උපයපු ආකාරය හෙළි කරන්න පුළුවන් නිසා තමයි ඒවා ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නය අහන්නේ අපට විරුද්ධ, අපට මඩ ගහන පාර්ශවයන් විසින්," කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය අසන අවස්ථාවේ කැබිනට් මාධ්‍ය හමුවේ සජීව විකාශයට බාධා සිදු විය.

සිය පුත්‍රයා සමග "ක්‍රිප්ටෝකරන්සි" මිලට ගත බව...
මේ අතර, ඩිජිටල් මුදල් ඒකක සම්බන්ධයෙන් පෙර දිනයේ පැවති වැඩසටහනකදී අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ඔහු සිය පුත්‍රයා සමග "ක්‍රිප්ටෝකරන්සි" මිලට ගත බව ය.

ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙවැනි දෙයකි.

"ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහ ජනතාවට නැවතත් අවධාරණය කරයි," යැයි එහි නිල වෙබ් අඩවියේ දැක් වේ.

"ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් ඒකකයක් (Legal Tender) ලෙස නොසලකන අතර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් නොමැත," එහි වැඩි දුරටත් සඳහන් ය.

ඒ සම්බන්ධයෙන් ද කැබිනට් ප්‍රකාශකවරයාගෙන් බීබීසී සිංහල විමසීමක් සිදු කළ නමුත් ඔහු පැවසුවේ, ඒවා පිළිබඳව දත්ත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දී ඇත්තේ ඒවා උපයාගත් ආකාරය හෙළි කිරීමට හැකි නිසා බැවින් බව ය.

(උපුටා ගැනීම ; බීබීසී සිංහල)


සබැඳි සටහනක් :

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...