The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පසුගිය රජයේ ඉඩම් මංකොල්ලය වත්මන් රජයත් අනුමත කරලා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 16, 2025 • 5:03 PM

 පසුගිය රජයේ ඉඩම් මංකොල්ලය වත්මන් රජයත් අනුමත කරලා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ අදහස් පළ කළේ අද ත්‍රිකුණාමලය ආසනයේ මුත්තු නගර් ගම්මානයේ ගොවීන්ගේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.
  • ඉඩම් මෙන් ම වගා අයිතිය කොල්ල කෑමක් 1972 සිට මේ ප්‍රදේශයේ ජනතාව දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු හමු වී මේ ඉඩම්වලට බලපත්‍ර ඉල්ලුම් කර තිබුණත් ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
  • වසර 50කට වැඩි ප්‍රමාණයක් වගා කටයුතු කළ ඉඩම් වරායේ ඉඩම් කියා අයිතිවාසිකම් කියා ගොවිතැන තහනම් කර අක්කර 200ක් සෝලා බලශක්තිය වෙනුවෙන් සමාගම් ගණනාවකට ලබා දී තිබෙනවා.
  • නමුත් වගා භූමියේ අක්කර 800කින් අක්කර 200ක් මංකොල්ල කාලා සෝලා ව්‍යාපෘති සඳහා ලබා දීමට විරුද්ධ යි.
අකුරු ප්‍රමාණය (Font Size):

යන බලප්‍රදේශවල පවුල් 350ක පුද්ගලියන් 1000කට වැඩි ප්‍රමාණයක් 1972 සිට වසර 53ක් නොකඩවා ම අඛණ්ඩව ම බඩඉරිගු, වී ගොවිතැන, එළවළු ගොවිතැන, රටඉදි, කොමඩු ආදී වගා කටයුතු කළ ගොවිබිම් අක්කර 800ක් 2023 සිට නතර කර ඇති බවත්, 2024 අගෝස්තු මාසයේ නඩු දමා 2025 අධිකරණ නියෝගයක් මත මේ වගා බිම් තහනම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මේ අදහස් පළ කළේ අද ත්‍රිකුණාමලය ආසනයේ මුත්තු නගර් ගම්මානයේ ගොවීන්ගේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ඉඩම් මෙන් ම වගා අයිතිය කොල්ල කෑමක්

1972 සිට මේ ප්‍රදේශයේ ජනතාව දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු හමු වී මේ ඉඩම්වලට බලපත්‍ර ඉල්ලුම් කර තිබුණත් ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. වසර 50කට වැඩි ප්‍රමාණයක් වගා කටයුතු කළ ඉඩම් වරායේ ඉඩම් කියා අයිතිවාසිකම් කියා ගොවිතැන තහනම් කර අක්කර 200ක් සෝලා බලශක්තිය වෙනුවෙන් සමාගම් ගණනාවකට ලබා දී තිබෙනවා.

සූරිය බලශක්තිය ප්‍රවර්ධනය කරනවාට විරුද්ධ නැහැ. නමුත් වගා භූමියේ අක්කර 800කින් අක්කර 200ක් මංකොල්ල කාලා සෝලා ව්‍යාපෘති සඳහා ලබා දීමට විරුද්ධ යි. සෝලා ව්‍යාපෘති සඳහා ඇති තරම් ඉඩම් තිබුණත් මේ පවුල් 350 ඉලක්ක කර වගා භූමිය විනාශ කර සෝලාවලට වෙන් කිරීම බරපතල ආසාධාරණයක්. ඒ වගේ ම මේ ක්‍රියාව ඉඩම් මෙන් ම වගා අයිතිය කොල්ලකෑමක්.

මුත්තුනගරකුලම් වැව විනාශ කරලා

මේ ඉඩම්වලට: පොහොර සහනාධාරය, ගොවි ණය, වගා ණය ආදිය ලබා දී තිබෙනවා. මේවා දුන් පසුගිය ආණ්ඩුවේ අයත් එකට එකතු වී මේ ඉඩම් කොල්ල කාලා. මැති ඇමතිවරු වගා කටයුතු ගැන සාකච්ඡාවලට පැමිණ වගා කටයුතු ගැන සොයා බලා ආශිර්වාද කළත් මෙසේ අනුමත වූ ගොවිබිම් පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් මේ ඉඩම් මංකොල්ලය අනුමත කර තිබෙනවා. පාසල්, කෝවිල්, පල්ලි ආදිය පවා බිහි වී තිබෙනවා. මේ වන විට මුත්තුනගරකුලම් වැව විනාශ කරලා; අනික් වැව් පවා විනාශ කරන්න යනවා.

ආරක්ෂක අංශ යොදවා ගොවිජනතාව බියවද්දවනවා

ධන බලය, රාජ්‍ය බලය උපයෝගී කර ගෙන මේ ආකාරයට ඉඩම් මංකොල්ල කන්න බැහැ. සමගි ජන බලවේග රජයක් යටතේ මේ ඉඩම් නැවත ලබා දෙනවා. එමෙන්ම වගා නොකරණ මුඩු බිම්වලින් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සඳහා වගා බිම් යොදා ගැනීම සිදු කිරීමට අවශ්‍ය නැහැ. සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුත්තේ ගොවි බිම් සූරා ගෙන නෙවෙයි. අවම වශයෙන් වාරි පහසුකම් සහිත විකල්ප ඉඩම් ලබා දීමට රජයට හැකියාව තිබුණත් එය ද කරලා නැහැ. නඩු දමා ආරක්ෂක අංශ උපයෝගී කර ගෙන ගොවිජනතාව බියවද්දවනවා.


පළාත් සභා ඡන්දයෙදි උත්තර දෙමු
මේ සම්බන්ධයෙන් මම මාධ්‍ය තුළත්, පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් අවස්ථා කිහිපයකදීම කතා කරා. මේ සම්බන්ධයෙන් නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැළිලා අනිවාර්යෙන්ම මේ අයිතිය ලබා ගන්නවා. පළාත් සභා මැතිවරණය පැවැත්වූ පසු ජනතාවගේ උත්තරය ආණ්ඩුවට දීමට සූදානම්.
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පසුගිය රජයේ ඉඩම් මංකොල්ලය වත්මන් රජයත් අනුමත කරලා - සජිත් ප්‍රේමදාස | The Leader