ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුර, විලච්චිය කොට්ඨාසයේ මැද ඔයාමඩුව ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද යසෝදරා මහතෙරෙණි වහන්සේගේ පිළිරුව, කුටිය සහ පත්තිනි දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ගොවියෝ ගැටලු රැසකට මුහුණ දෙනවා
''මේ වෙද්දි දරාගත හැකි මිලකට කෘෂි රසායන ලැබෙන්නෙත් නැහැ. කෘෂි උපකරණ මිල වැඩි නිසා පිරිවැය වැඩි වෙලා. ඒ අතර ගොවියෝ අලි මිනිස් ගැටුම නිසා ද බරපතළ ගැටලු රැසකට මුහුණ දෙමින් තමයි තම වගාකටයුතු කරන්නේ. එහෙම වගා කටයුතු කළත් අද අස්වැන්න සඳහා නිශ්චිත මිලක් පවා ලැබෙන්නෙ නැහැ. වී කිලෝවට රු. 120ක සහතික මිල අපේක්ෂා කළත් මැතිවරණ සමයේ දී නම් සහතික මිල රු. 150ක් කර නීති මගින් සනාථ කරනවා කිව්වා. අද තෙත වී ටික ගන්නේ රු 90-95ට. අද සහතික මිල මහපොළොවේ යථාර්ථයක් වෙලා නෑ. පොහොර සහනාධාරය නොමැතිව, තෙල් පොහොර කලට වේලාවට නොමැතිව ගොවියෝ ගැටලු රැසකට මුහුණ දෙනවා. මේ දුෂ්කරතා මැද වගා කටයුතු කළත් කුණු කොල්ලයට වී ටික ගන්නා තැනට රට පත්ව තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි; පොහොසතුන් ගොවියාගේ වී ටිකෙන් පවා සූරා කන තැනට රට පත්ව වෙලා. මේ නිසා රටේ දුප්පත්කම නිර්මාණය වෙලා බරපතළ ගැටලු රැසක් මතුව තිබෙනවා. මිල මුදල් නොමැතිව: පාරිභෝජනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම හා අපනයන අඩු වෙලා. 2028 සිට වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 5.6ක ණය ගෙවන්න නම් ආර්ථික වර්ධනය 5% විය යුතු වුනත් එසේ වන්නේ නැහැ. මේ ගැටලුවට විසදුම් අවශ්‍ය යි.
ගොවිතැනත් මූලික සහ මානව අයිතියක්
අද වන විට රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතිනවා. රජයේ රෝහල්වල පවා බෙහෙත් නැහැ. ඒ නිසා පෞද්ගලික ෆාමසිවලින් විශාල මුදලක් ගෙවා බෙහෙත් ගැනීමට සිදුව තිබෙනවා. බරපතළ රෝගී තත්ත්වයෙන් පෙළෙන ජනතාවට නොමිලේ ඖෂධ ප්‍රමාණවත් තරම් දෙන්න බැරි නම් නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන ඵලක් නෑ. නොමිලේ කියා මුදලට බෙහෙත් දීම අසාධාරණ යි. සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම ගොවිතැන ද මූලික හා මානව අයිතියක් බැවින් ඒ සඳහා උපරිම සහයෝගය දිය යුතු යි.
අද වන විට ගොවියා අමතක වූවාට මැතිවරණ සමයේ ගොවියා රවටා ජන්දය ගන්න කටයුතු කරා. ඔවුන් එසේ කළත් සමගි ජන බලවේගය බලය ඇතුවත් නැතුවත් ගොවියා සුරකින්න කටයුතු කරනවා.
ගෞරවනීය ප්‍රශස්ත ප්‍රබුද්ධ ක්‍රියාවලියක්
බුදු දහම රටෙ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් තැන ලබා දෙන නිසා එය වචනයට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත්. බුදු දහම සුරක්ෂිත කරනවා සේම සෙසු ආගම්වලටත් හිමි නිසි තැන ලබා දිය යුතු යි. අද මේ විහාරයේ පෞද්ගලික දානපතීන් විසින් සංවර්ධන කරන්නේ බුදධ ශාසන අමාත්‍යාංශයකින් බුද්ධශාසන අරමුදලකින් සිදු විය යුතු දෙයක්. මෙය ගෞරවනීය ප්‍රශස්ත ප්‍රබුද්ධ ක්‍රියාවලියක්. මේ සදහා කැපව සියලු දෙනාට සිය ස්තූතිය පිරිනමනවා.
ගොවි ජනතාව ශක්තිමත් කරන්න ඔස්ට්‍රේලියානු ධනවතුන්ගේ සහාය
විලච්චිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති දුෂ්කරම බලප්‍රදේශයක්. එහි ග්‍රාම සේවා වසම් 17ක දුෂ්කර දිවියක් ගත කරන ජනතාව සිටින නිසා මේ ගම් 17ට ඔස්ට්‍රේලියාවේ දානපතියන් 17ක් සම්බන්ධ කර, ප්‍රදේශයේ ජනතාව ගේ ගොවිතැන ව්‍යවසාය ක්‍රියාවලියක්, ජීවනාලියක් බවට පත් කරන්න ප්‍රාග්ධන සවියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. වගා කටයුතු කිරීමට සහන ක්‍රමයකට ණය ආධාර ලබා දී චක්‍රීය මුදල් බවට පත් කර අරමුදල් 17ක් ඇති කර ජීවනෝපාය ශක්තිමත් කරන්න යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.''
අද ගොවියාට පොහොර සහනාධාරයත් නැහැ; ගුණාත්මක පොහොර ලැබෙන්නෙත් නැහැ - සජිත් ප්‍රේමදාස
T
The Leader Desk
September 17, 2025 • 5:17 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුර, විලච්චිය කොට්ඨාසයේ මැද ඔයාමඩුව ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද යසෝදරා මහතෙරෙණි වහන්සේගේ පිළිරුව, කුටිය සහ පත්තිනි දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
- අද තෙත වී ටික ගන්නේ රු 90-95ට.
- සිට වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 5.6ක ණය ගෙවන්න නම් ආර්ථික වර්ධනය 5% විය යුතු වුනත් එසේ වන්නේ නැහැ.
- මේ ගැටලුවට විසදුම් අවශ්‍ය යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



