The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ළමුන් සඳහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර : මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂ්‍යයක්

T

The Leader Desk

September 17, 2025 • 4:21 PM

ළමුන් සඳහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර : මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂ්‍යයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පැවසී ය.
  • ''ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි ලබාදීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව සඳහන් කළ යුතුයි.
  • වින්දිතයින් බවට පත්ව නීතිය ඉදිරියට එන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදීමේ හැකියාව පැවතිය යුතුයි.
  • ඒ වෙනුවෙන් පහසුකම් ලබාදුන් යුරෝපා සංගමයට, යුනිසෙෆ් ආයතනය ඇතුළු සංවිධානවලට ස්තූතිවන්ත විය යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):
අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද ( 17) මහනුවරදී පැවති ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ වින්දිත දරුවන් වෙනුවෙන් සේවාවන් විධිමත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි. 
 
වින්දිතයින් බවට පත් වන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදිය හැකි ඩිජිටල් පහසුකම් සහිත සාක්ෂි කාමරයක් මහනුවර මහාධිකරණය තුළ විවෘත කිරීම ද මීට සමගාමිව සිදු විය.

එම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා...

''ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි ලබාදීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව සඳහන් කළ යුතුයි. වින්දිතයින් බවට පත්ව නීතිය ඉදිරියට එන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදීමේ හැකියාව පැවතිය යුතුයි. වින්දිතයින් බවට පත්වන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදිය හැකි ඩිජිටල් පහසුකම් සහිත සාක්ෂි කාමරයක් මහනුවර මහාධිකරණය තුළ විවෘත වන්නේ මෙරට පළමු වරටයි.

 දිවයින පුරා අධිකරණ වෙත මෙම පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පහසුකම් ලබාදුන් යුරෝපා සංගමයට, යුනිසෙෆ් ආයතනය ඇතුළු සංවිධානවලට ස්තූතිවන්ත විය යුතුයි. ළමුන්ට සුරක්ෂිත රටක් උරුම කරදීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බව සඳහන් කළ යුතුයි. ළමා ආරක්ෂණය වෙනුවෙන් ශක්තිමත් නව නීති ඉදිරියේදී හදුන්වාදීමට කටයුතු කරනවා.''

යම්කිසි සිදුවීමක් පොලීසියට, උපකාරක සේවාවලට හෝ වෙනත් ආයතන වෙත වාර්තා කළ මොහොතේ සිට ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන් අඛණ්ඩව රැකවරණ යාන්ත්‍රණය සමඟ සම්බන්ධ වන තෙක් කඩිනම් සහ ළමා හිතකාමී සහාය ලබාදීම මෙම විධිමත් ක්‍රියාවලියේ අරමුණයි.

මේ පහසුකම් තුළින් වින්දිතයින් බවට පත්වන දරුවන්ට අධිකරණ පරිශ්‍රය තුළ වෙනම කාමරයක සිට සාක්ෂි ලබාදීමට ඉඩ සලසයි. එමඟින් දරුවෙකුට අපරාධකරුවන් සමඟ සෘජුව මුහුණට මුහුණ හමු නොවීම තුළින් එම ආරක්ෂාව සැලසෙන අතර, දරුවාට මුහුණදීමට සිදුවන කම්පනය අවම කරයි.

ප්‍රචණ්ඩත්වයට ලක් වු දරුවන් සදහා මෙම සේවාවන් හදුන්වාදීම, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම, පිළිබඳ 2024 බොගෝටා සමුළුවේදී ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දුවලින් එකකි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, යුනිසෙෆ් සහ යුරෝපා සංගමයේ සහාය ඇතිව යුක්තිය සදහා සහාය ව්‍යාපෘතිය විසින් ( JURE) මේ සදහා සහාය දක්වනු ලබයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් බණ්ඩාර අබේකෝන්, කාන්තා ළමා කටයුතු අමාත්‍ය, සරෝජා සාවිත්‍රි පොල්රාජ්, නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, මහනුවර මහාධිකරණ විනිසුරු සමන් කාරියවසම්, ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිගම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුෂාරී ජයසිංහ යන අය සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ජාතික ළමා රක්ෂක අධිකාරිය, යුරෝපා සංගමය, යුනිසෙෆ් ආයතනය නියෝජනය කරමින් උසස් නිලධාරීන් නිතීඥවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.
 xdfry463
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ළමුන් සඳහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර : මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂ්‍යයක් | The Leader