The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සර්විස් එක දෙන්න බැරිනම් යන්න'- ඇමති බිමල් ගෙන් දුම්රිය නිලධාරීන්ට 'ලාස්ට් වෝනින් එකක්'

T

The Leader Desk

September 18, 2025 • 3:46 AM

සර්විස් එක දෙන්න බැරිනම් යන්න'- ඇමති බිමල් ගෙන් දුම්රිය නිලධාරීන්ට 'ලාස්ට් වෝනින් එකක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහු කියා සිටියි.
  • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කළේය.
  • මිනිස්සු ගැන සත පහක හැඟීමක් නැති පිරිසක්.
  • මම නැවත නැවත කියන්නේ කරුණාකරලා, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ ආකාරයක අලුත්වැඩියාවක් කරන්නම ඕනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහු කියා සිටියි.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කළේය.

"ඔයාලගේ කෝච්චිවල ජනෙල් වහන්න බෑ. ඒ අය කියනවා ඒක හදලා දෙන්න කියලා. ජනෙල් වැහුවට පස්සේ රස්නෙයි පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ නෑ. ගාල්ලේ ඉඳලා කොළඹට පැය දෙක හමාරක් එද්දි එක වොෂ්රූම් එකක වතුර නෑ. දුම්රිය කියන්නේ ඔෆිස් දුම්රිය නේ. පිළිවෙලකට රස්සාවට යන මිනිස්සුන්ව ගේන්න බැරිද? මිනිස්සු ගැන සත පහක හැඟීමක් නැති පිරිසක්.

ජාඇළ පැත්තේ පුංචි දරුවෙක් ඉස්සෙල්ලාම කෝච්චියේ යද්දි ජනේලේ වැටිලා ඇඟිලි දෙකක් අයින් කරා. කෝච්චියේ පළවෙනි ගමන යන දරුවාගේ ඇඟිලි දෙකක් නැති වුණාට පස්සේ, අපි අම්මලා තාත්තලා වශයෙන් වගකියන්නත් ඕනේ නේ. මම ඒ තාත්තාට කතා කරා. එයා අහනවා සර් මොකටද මේ රටේ ජීවත් වෙලා ඇහුවා.

මම නැවත නැවත කියන්නේ කරුණාකරලා, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ ආකාරයක අලුත්වැඩියාවක් කරන්නම ඕනේ. වොෂ්රූම්, ජනෙල්, ෆෑන්. දවස් තුනකින් කියන්න ඔයා කරගන්නේ මොකක්ද කියලා මට වට්ස්ඇප් කරන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ ඔක්කෝටම කියන්නේ, සර්විස් එක දෙන්න නැත්නම් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්ත වෙලා තියෙන්නේ ඇත්තටම."


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...