The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරනවා - අගමැතිනිය

T

The Leader Desk

September 18, 2025 • 4:01 AM

 කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි  ලංකාව පත් කරනවා - අගමැතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය "සොබාදනවි" සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ වීවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (සැප්තැම්බර් 17) දින එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.
  • ගෝලීය ප්‍රවණතාවන් මෙසේ තිබියදී, කලාපයේ විදුලි මිල අධික රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ ඉහළ ස්ථානයක බව ඔබ දන්නවා.
  • දශක ගණනක් පුරා සිදු කළ වැරදි ආර්ථික කළමනාකරණය නිසා රට වැටී ඇති ආර්ථික ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් වෙත පිවිසීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ මෙම දැරිය නොහැකි බලශක්ති පිරිවැයයි.
  • අපේ රජය නව බලශක්ති ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් විශේෂයෙන් සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය භාවිතයට ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිටින්නේ අධික විදුලි පිරිවැය අවම කරගැනීම වෙනුවෙන් බව කිව යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය "සොබාදනවි" සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ වීවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (සැප්තැම්බර් 17) දින එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

 බලශක්ති ක්ෂේත්‍රයේ නිරතුරුව වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ නියාමන රාමු තුළ අනුවර්තනය වෙමින්, තිරසරභාවය සහ නවෝත්පාදනය පෙරදැරි කරගත් පරිවර්තනීය යුගයක් ලෝකය මේ වන විට පසු කරමින් සිටිනවා .

ගෝලීය ප්‍රවණතාවන් මෙසේ තිබියදී, කලාපයේ විදුලි මිල අධික රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ ඉහළ ස්ථානයක බව ඔබ දන්නවා.

දශක ගණනක් පුරා සිදු කළ වැරදි ආර්ථික කළමනාකරණය නිසා රට වැටී ඇති ආර්ථික ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් වෙත පිවිසීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ මෙම දැරිය නොහැකි බලශක්ති පිරිවැයයි.

අපේ රජය නව බලශක්ති ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් විශේෂයෙන් සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය භාවිතයට ගැනීම පිළිබඳ විශේෂ අවධානයක්  යොමු කරමින් සිටින්නේ අධික විදුලි පිරිවැය අවම කරගැනීම වෙනුවෙන් බව කිව යුතුයි.

ශ්‍රී ලංකාව, කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරීම සඳහා ප්‍රසම්පාදන හා මිල කැඳවීම් ක්‍රියාවලිය සක්‍රීය කර තෙල් මත පදනම් වූ විදුලි ජනනය, සුර්ය හා සුළං බලය වැනි  පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු කිරීමට රජය කටයුතු කරමින් යනවා.

රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිල කට විදුලිය ලබා දෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයට නිෂ්පාදකයින් වැඩි වශයෙන් දායක කර ගැනීම රජයේ අරමුණක්.

ඒවගේම දේශීය ඉංජිනේරුවන් ඇතුලු දේශිය මානව සම්පත විසින් මේ විදුලි ජනන පද්ධතිය නිර්මාණය කිරීමට කටයුතු කිරීම ගැන මම සතුටට පත්වෙනවා.

 ආයතනික ලෙසත්, පෞද්ගලිකවත්  විදුලිය භාවිතයේදී වඩා අරපරිස්සමින් භාවිත කරමින් අනවශ්‍ය විදුලි භාවිතයන් සීමා කරමින් ජාතික ආර්ථිකයට දායක වන ලෙස ජනතාවට  සැමට ආරාධනා කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

 




මෙහිදී අදහස් දැක් වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

''අපි කිසිම දේශපාලන බලපෑමක් විදුලිබල මණ්ඩලයට සිදු කරන්නේ නැහැ''

''පුනර්ජනනීය විදුලි බලාගාර ඉදිකිරීමි යම් යම් දේශපාලන අරමුණු මත අඩපණ වී තිබුණා. අපේ රජයේ ප්‍රතිපත්ති අනුව යමින් නිවැරදි හා විනිවිදභාවයෙන් යුතුව ඒ සඳහා අවශ්‍ය  ප්‍රසම්පාදන සිදු කරන්න කටයුතු කරනවා.  විදුලි බල ක්ෂේත්‍රයේ අනාගතය ගැන අපි අවධානයෙන් සිටිය යුතුයි. ගල්අඟුරු බලාගාර භාවිත කළ නොහැකි තත්වයක අපිට තිබෙන විසදුම් පිලිබඳවත් අපි කල්පනා කළ යුතුයි.  

අපේ රටේ මානව සම්පත පිලිබඳ ජාත්‍යන්තරවත් වටිනාකමක් හිමිවී තිබෙනවා නමුත් ඒ මානව සම්පත අපේ රටේ භාවිතයට ගන්න සමත් වෙලා නැහැ. විදේශගත වන අපේ පිරිස ඉතා හොදින් වැඩ කරනවා. ලෙඩ නිවාඩු නෑ නමුත් ලංකාවේ සේවය කරන්න ගියාම ප්‍රශ්න රාශියක් ඔවුන්ට තිබෙනවා.

මේ රටේ ප්‍රශ්නය ඒ සම්පත හරි විදිහට කළමනාකරණය කර ගන්න අසමත් වෙලා තිබෙනවා. අපිට ඒ අවබෝධය තිබෙනවා. ඒ අනුව දේශිය මානව සම්පතට මූලිකත්වය ලබා දෙමින් ඉදිරියට යන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා.  ඒ නිපුණතාව හදාගෙන ලෝකයට යන්න අපේ රටේ මානව සම්පත ශක්තිමත් විය යුතුයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරමින් යනවා. නව දැනුමට අවස්ථාවක් දෙන්න අවශ්‍යයි. බොහෝ ආයතනවල ඉහළට ගිය අය කවදාවත් අලුත් දැනුමකට අවස්ථා නොදෙන තත්වයන් අපි දකිනවා. ඒ තත්වය වෙනස් විය යුතුයි.

අපි කිසිම දේශපාලන බලපෑමක් විදුලිබල මණ්ඩලයට සිදු කරන්නේ නැහැ. අපි කියන්නේ කාර්යක්ෂමව වැඩ කරන්න කියන කාරණය. විදුලිබල මණ්ඩලයේ ව්‍යුහයේ  ගැටලු ගණනාවක් තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් හැමෝටම වෘත්තීය ගෞරවය ඇතිවන විදිහට වැඩකරන්න අවස්ථාව අපි නිර්මාණය කරනවා. නමුත් දේශපාලන අවශ්‍යතා මත මේකට ගැටලු ඇති කරනවා. අදත් සුලු පිරිසක් අසාර්ථක  උත්සාහයක් ගත්තා. අයිතිවාසිකම් රැකගන්න සේවකයන්ට බොරු කියලා රවට්ටලා දේශපාලනය කරන්න එපා කියන කාරණය සිහිපත් කරනවා යැයි වැඩිදුරටත් පැවසීය.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්, ලංකා විදුලි බල මණ්ඩලයේ උපසභාපති සාලිය ජයසේකර,  එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් නිර්මාතෘ යුරී ජයවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(සටහන | ජේ. මුණසිංහ)

 balagaraya
balagaraya 2

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...