ඊයේ (සැප්. 17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.
මේ අය එදා පඬුකරඳගහ ඇතුළු විවිධ කතා කියලා මිථ්‍යා මත පතුරලා මේ වැඩ කටයුතු ප්‍රමාද කළා. මේ අය එදා සහයෝගයදී කටයුතු කළා නම් මේ හා මහා විශාල මුදලක් වැය නොකර එදා මේ මාර්ගය සකස් කර ගත යුතුව තිබුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඒ තුළින් විශාල මුදලක් රටට ඉතිරි කර ගත හැකිව තිබුණු බවත් නමුත් එහෙම කටයුතු නොකොට එදා බොරු කියා මිථ්‍යා මත කියා මෙය නතර කරන තැනට කටයුතු කළා. එදා ජාතික ජන බලවේගයේ හිටිය මහත්වරු අද ඒ මුදලටත් වැඩි වැඩිපුර මුදල් විශාල ප්‍රමාණයක් වැය කර වියදම් කර මේ අධිවේගී මාවත සකස් කරන්නට කටයුතු කරන බවද විමල් විරවංශ පැවසීය.
ඔහු සඳහන් කළේ, එදා මේ මාර්ගයේ කිලෝමීටර් 37ක ගමන් මාර්ගය සකස් කරන්න ඉඩ දුන්නා නම් මෙතරම් මුදල් විනාශයක් සිදු වන්නේ නෑ. එහෙම කළා නම් මේවගේ හත් අට ගුණයක් වගේ ප්‍රමාණයක් සකස් කරන්න හැකියාවක් තිබුණ බව ය.
විකුණාගෙන කෑම, හිඟා කෑම, උලා කමින් රට පෙරට ගමන් කරවීමේ ආර්ථික ප්‍රතිපත්තියක ජාතික ජන බලවේග ආණ්ඩුව ගමන් කරන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනතාව නැති බංග කරන්නට කටයුතු කරමින් රට විනාශයට පත් කර විදෙස් රටවලට රටේ සම්පත් ගෙඩි පිටින්ම බිලි දෙන්නට කටයුතු කරන බවද විමල් විරවංශ පැවසීය.
ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 34-35ත් අතර මුදලක් ගෙවීමට සිදුවෙලා - ඇමති බිමල්
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්තැම්බර් 17) පැවැත්විණි.
ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක් වන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවා තිබිණි.
ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කලේ, ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 34-35ත් අතර මුදලක් ගෙවීමට සිදුව ඇති බවය.
විමල්, කඩවත- මීරිගම අධිවේගයේ පරණ කතාවක් අවුස්සයි
T
The Leader Desk
September 18, 2025 • 4:19 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.
- මේ අය එදා පඬුකරඳගහ ඇතුළු විවිධ කතා කියලා මිථ්‍යා මත පතුරලා මේ වැඩ කටයුතු ප්‍රමාද කළා.
- මේ අය එදා සහයෝගයදී කටයුතු කළා නම් මේ හා මහා විශාල මුදලක් වැය නොකර එදා මේ මාර්ගය සකස් කර ගත යුතුව තිබුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.
- ඒ තුළින් විශාල මුදලක් රටට ඉතිරි කර ගත හැකිව තිබුණු බවත් නමුත් එහෙම කටයුතු නොකොට එදා බොරු කියා මිථ්‍යා මත කියා මෙය නතර කරන තැනට කටයුතු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



