ඔහු මෙම අදහස් පළ කළේ අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වු දුමින්ද දිසානායක...
මේ ආණ්ඩුව කරපු කිසිම දෙයක් නෑ
''දැන් තියෙන ආණ්ඩුවේ මෙසේ ඉල්ලීමක් කරනවා. පළාත් පාලන මැතිවරණයේ පවත්වන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට සිට ප්‍රතිසංස්කරණ ආරම්භ කරනවා. නැවත වතාවක් සක්‍රීය කරමින් ඉදිරිී ජයග්‍රාහී අපේක්ෂකයන් ඉදිරිපත් කරලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ සහභාගිත්වයෙන් පළාත් සභා ජයග්‍රහණය කරන්න සූදානම් වෙනවා. කියන දේ කරන ආණ්ඩුවක් බලයට පත් කර ගැනීම තමයි අපේ අරමුණ. මේ ආණ්ඩුව කරපු කිසිම දෙයක් නැති බව ජනතාව තේරුම් අරන් තියෙනවා.
එදා අධිවේගී මාර්ගවලට විරුද්ධ වුණේ ඒ අය. එදා හදපු කොටේෂන් එකට නැතුව වර්තමානයේ ගණන් වැඩියෙන් ගෙවන්න වෙලා. එදා කොමිස් ගත්තා කිව්ව නම් ඒ වගේ දහගුණයකට වැඩියා අදවැඩිවෙලා. ඔය වත්කම් බැරකම් නීතිය ගෙනාවේ කවුද? වත්කම් හෙළි කිරීමෙන් රට පුදුම උනාට අපිට නම් පුදුම නෑ.''
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර අදහස් දක්වමින් මෙසේ පැවසී ය.
වත්කම් උපයගෙන තියෙන්නෙ ශාපලත් වසර 76 දි
'වත්කම් බැරකම් ගැන කතා කළේ අපේ පක්ෂය. ඒ පනත තුළින් තමයි මේ සියල්ල ප්‍රදර්ශනය වෙන්නේ; හෙළිදරව් වෙන්නේ. ඒ අය මාධ්‍ය හමුවලදි කිව්වේ රැකියාවක් කරපු නැති බවයි. වත්කම් වැඩිවීම ගැන පැහැදිලිව පේනවා. මේ වත්කම් ගැන අපිට පැමිණිලි දාන්න යන්න අවශ්‍යතාවක් නෑ. අවුරුදු 76ක් රට විනාශ වුණා කිව්වට ඒ අවුරුදු 76 දි තමයි මේ වත්කම් ලබාගෙන තියෙන්නේ.
කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න තියෙනවා. උඳු වගා කරපු අයට වගේ ම ගොවින්ට වී ටික වගා කරගන්න බැරි වෙලා තියෙනවා. පාරිභෝගිකයින්ට වාසියකුත් නෑ. මේ ආණ්ඩුව කිව්වේ හාල් රටින් ගේන්න නම් ආණ්ඩුවක් ඕන්නෑ කියලා. පිටකොටුවේ මුදලාලිට භාර දෙන්න කිව්වා. දැන් කියනවා අපි වවල නෙවෙයි අපි කන්නේ ඉන්දියාවෙන් බංගල දේශයෙන් වවන ඒවා කියලා."




