The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ජනපතිගේ අනතුරු ඇඟවීමට විදුලි බල වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වයි

T

The Leader Desk

September 18, 2025 • 11:39 AM

ජනපතිගේ අනතුරු ඇඟවීමට විදුලි බල වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි එක් පියවරක් ලෙස සැප්තැම්බර් 17 සහ 18 දෙදින ලෙඩ නිවාඩු වාර්තා කරමින් විදුලි බල මණ්ඩල සේවකයෝ විරෝධය පළ කර ඇත.
  • නව පනතට අනුව සමාගම් කිහිපයක් පිහිටුවන බව ත් සේවකයන්ට තමන් කැමති සමාගමක් තෝරා ගැනීමට මාස දෙකක් කාලයක් ලබා දී ඇති බව ත් ඔහු එහිදී සඳහන් කළේ ය.
  • ඒකට අවශ්‍ය වන VRS එකට අපි මුදල් ලක්ෂ 9 ඉඳන් ලක්ෂ 50 දක්වා වන්දි මුදල් දෙන්න තීරණය කරලා තියෙනවා.
  • පසුගිය රජය විසින් ගෙන එන ලද විදුලි බල පනත හරහා විදුලි බල මණ්ඩලයේ ස්වාධිපත්‍යයට හානි වන බව මෙන් ම සේවක අයිතිවාසිකම් කප්පාදු වන බවට පෙනී ගිය බැවින් නව පනත ගෙන ආ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි එක් පියවරක් ලෙස සැප්තැම්බර් 17 සහ 18 දෙදින ලෙඩ නිවාඩු වාර්තා කරමින් විදුලි බල මණ්ඩල සේවකයෝ විරෝධය පළ කර ඇත.

එම පියවරට සමගාමීව ලංවිම සේවකයෝ විදුලි බල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක ද නිරතව සිටිති.

'එහෙමයි වැඩ කරන්නේ. ඒවාට අකුල් හෙළන්න බෑ කාටවත්'

එවැනි පසුබිමක කොලොන්නාව තෙල් ගබඩා සංකීරණයේ තෙල් ටැංකි විවෘත කිරීමේ අවස්ථාවට සැප්. 17 එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක විදුලි බල සේවකයන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් අනතුරු ඇඟවීමක් කළේ ය.

"අකුරට වැඩ කරනවා ලු, ලෙඩ නිවාඩු ගන්නවා ලු, ගන්න කියන්නකෝ. ගන්න කියන්න ඒගොල්ලන්ට. මෙහෙම වැඩ කරන්න බෑ," යැයි ජනාධිපතිවරයා පැවසීය.

නව පනතට අනුව සමාගම් කිහිපයක් පිහිටුවන බව ත් සේවකයන්ට තමන් කැමති සමාගමක් තෝරා ගැනීමට මාස දෙකක් කාලයක් ලබා දී ඇති බව ත් ඔහු එහිදී සඳහන් කළේ ය.

"තමන් කැමති සමාගම තෝරා ගන්න පුළුවන්. තමන් කිසි සමාගමකට යන්න කැමැති නැතිනම් තමන්ට යන්න පුළුවන්. ඒකට අවශ්‍ය වන VRS එකට අපි මුදල් ලක්ෂ 9 ඉඳන් ලක්ෂ 50 දක්වා වන්දි මුදල් දෙන්න තීරණය කරලා තියෙනවා. එහෙමයි වැඩ කරන්නේ. ඒවාට අකුල් හෙලන්න බෑ කාටවත්," ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

විදුලි බල පනත සංශෝධනය කළේ ඇයි?


පසුගිය රජය විසින් ගෙන එන ලද විදුලි බල පනත හරහා විදුලි බල මණ්ඩලයේ ස්වාධිපත්‍යයට හානි වන බව මෙන් ම සේවක අයිතිවාසිකම් කප්පාදු වන බවට පෙනී ගිය බැවින් නව පනත ගෙන ආ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළේ ය.

"කවුරුත් නිද්‍රාශීලී වෙලා හිටියේ. නීතිය සම්මත වෙලා තිබුණා, ඔක්තෝබර් මාසයේ අග වෙනකොට ක්‍රියාත්මක කළ යුතුයි, අපි නතර කළා. නතර කරලා අලුත් නීතියක් හදලා දුන්නා. දැන් මොකක් ද ලෙඩ නිවාඩු දාන්න තියෙන හේතුව. එහෙම වැඩ කරන්න බෑ.

"බොරු කියලා, රවට්ටලා, දේශපාලනය කරන්න එපා කියන කාරණය සිහිපත් කරනවා," ඔහු යළි අවධාරණය කළේ ය.

මේ අතර, "සොබාදනවි" විදුලි බලාගාරය විවෘත කිරීමට එක් වෙමින් බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශ කළේ, විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් සැමට වෘත්තිය ගෞරවය සහිත කටයුතු කිරීමේ අවස්ථාව නිර්මාණය වන බව ත් දේශපාලන අවශ්‍යතා මත සුළු පිරිසක් ගැටලු ඇති කරන බව ත් ය.

"විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරමින් යනවා. නව දැනුමට අවස්ථාවක් දෙන්න අවශ්‍ය යි. බොහෝ ආයතනවල ඉහළට ගිය අය කවදාවත් අලුත් දැනුමකට අවස්ථා නොදෙන තත්ත්වයන් අපි දකිනවා. ඒ තත්ත්වය වෙනස් විය යුතු යි.

"අපි කිසි ම දේශපාලන බලපෑමක් විදුලි බල මණ්ඩලයට සිදු කරන්නේ නැහැ. අපි කියන්නේ කාර්යක්ෂමව වැඩ කරන්න කියන කාරණය. විදුලි බල මණ්ඩලයේ ව්‍යුහයේ ගැටලු ගණනාවක් තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් හැමෝට ම වෘත්තීය ගෞරවය ඇති වන විදිහට වැඩ කරන්න අවස්ථාව අපි නිර්මාණය කරනවා. නමුත් දේශපාලන අවශ්‍යතා මත මේකට ගැටලු ඇති කරනවා. අදත් සුළු පිරිසක් අසාර්ථක උත්සහයක් ගත්තා අයිතිවාසිකම් රැක ගන්න සේවකයන්ට බොරු කියලා, රවට්ටලා, දේශපාලනය කරන්න එපා කියන කාරණය සිහිපත් කරනවා," යැයි ඇමතිවරයා පැවසීය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ඇයි?

විදුලි බල මණ්ඩලය සේවකයන් වෘත්තිය ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ අත්තනෝමතිකව සහ හිතුවක්කාර ලෙස සිදුවන ප්‍රතිව්‍යුගතකරණයට විරුද්ධව යැයි ලංකා විදුලි බල මණ්ඩලයේ තක්ෂණික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ බීබීසි සිංහල සේවයට පැවසීය.

"පැහැදිලිව අපි ජනාධිපතිවරයාට සිහිපත් කරන්න ඕනේ ජනාධිපතිතුමාගේ ක්‍රියාවලියට විරුද්ධ නෙවෙයි මේ වෘත්තිය ක්‍රියාමාර්ගය අරගන්නේ හෝ විදුලි බල සේවකයින් පාරට බැහැලා ඉන්නේ. ජනාධිපතිවරයා යටතේ, ජනාධිපතිවරයා පවා රවටමින් ඉන්න ප්‍රතිව්‍යුගතකරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය මත ලංකා විදුලි බල මණ්ඩලය ඇද වැටෙමින් තිබෙන තත්ත්වයට විරුද්ධව තමයි මේ වෘත්තිය ක්‍රියාමාර්ගය අරන් තියෙන්නේ," ඔහු පැවසීය.

'ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් විදුලි බල මණ්ඩලය කෑලිවලට කඩන්නේ නැහැ කිව්වා'

වත්මන් ප්‍රතිව්‍යුගත කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බව පෙන්වා දෙන වෘත්තිය සමිති නයකයා එම ප්‍රතිපත්තිවලට පිටුපාමින් විදුලි බල මණ්ඩලය "කෑලිවලට කඩා" ඇතැයි ප්‍රකාශ කළේය.

"විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගතකරණය වෙන්න ඕනේ වත්මන් ආණ්ඩුවේ, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක… හැබැයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පරිබාහිරව ගිහිල්ලා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කරන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක ඉතා ම අත්නෝමතිකව සිද්ධ වෙන්නේ, ඒක බොහොම හිතුවක්කාර විදියට වෙන්නේ. විදුලි බල මණ්ඩල සේවකයින් මේ විරෝධය දක්වන්නේ අන්න ඒ ක්‍රියාවලියට විරුද්ධව. මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් විදුලි බල මණ්ඩලය කෑලිවලට කඩන්නේ නැහැ කිව්වා. හැබැයි ප්‍රතිව්‍යුහගත කරනවා කෑලිවලට කඩන්නේ නෑ කියපු ආණ්ඩුව අද කෑලිවලට කඩලා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිතිවල විරෝධය තියෙන්නේ," ඔහු පැහැදිලි කළේ ය.

ලංකා විදුලි බල මණ්ඩලයට ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව එම මණ්ඩලයේ වෘත්තිය සමිතිවලට හෝ සේවකයන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් එය සිදුවිය යුත්තේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බවත් වෘත්ති සමිති නායක කෝසල අබේසිංහ අවධාරණය කළේ ය.

'විපක්ෂයේ ඉඳලා කියපු සටන් පාඨ වෙනුවෙන් තමයි අපි අදත් සටන් කරන්නේ'

විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිති අදටත් සටන් කරන්නේ, වත්මන් රජය විපක්ෂයේ සිටියදී සටන් කළ අරමුණු වෙනුවෙන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ තක්ෂණික ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.

"මේ වෘත්තීය සමිති ඇතුළේ කිසි ම වෙලාවක දේශපාලන න්‍යාය පත්‍ර, දේශපාලන හඬ එන්නේ නැහැ. මේ හැමෝම කියන්නේ සාධනීය ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න කියලා. අතිගරු ජනාධිපතිතුමාට ගෞරවයෙන් සිහිපත් කරනවා ඔබතුමා තර්ජනය කරලා පීඩාවට පත් කරන්න උත්සහ කළත් ඔබතු මාලා විපක්ෂයේ ඉඳලා කියපු සටන් පාඨ වෙනුවෙන් තමයි අපි අදත් සටන් කරන්නේ. ඒ සටන් පාඨ වැරදි මග යන හින්දා තමයි අපි සටන් කරන්නේ.

"ඔබතුමාට දීලා තියෙන්නේ වැරදි දත්ත. ඒ වැරදි දත්ත සහ වැරදි තේරීම් මත තමයි ඔබතුමා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට සහ වෘත්තිය සමිතිවලට තර්ජනය කරන්නේ. ඒ නිසා බොහොම ගෞරවයෙන් මතක් කරනවා ඔබතුමා මොන තර්ජන, ගර්ජන අපිට යොමු කළත් අපිට ගන්න තියෙන පියවර ඉදිරියේදී අපි ගන්නවා."

'විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන ඔටුන්නේ රස්නේ තමයි අපිට පේන්න තියෙන්නේ'

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දකින ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ පවසන්නේ, කම්කරුවන්ගේ කරමතින් බලයට පැමිණි ආණ්ඩුවකින් මෙවැනි ප්‍රකාශ සිදුවන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ පවතින බලය හේතුවෙන් බව ය.

"තැපැල් සේවකයන්ටත් අපි දැක්කා කියනවා පඩි ගෙවන්නේ නෑ, පඩිය පවරා ගන්නවා, නිවාඩු දැම්මොත් ගෙවල්වල යවනවා කියලා තර්ජනය කරනවා. කම්කරුවන්ගේ කර මතින් ආපු ආණ්ඩුවක්, කම්කරු අති බහුතරයක් ඡන්දේ දුන්න ආණ්ඩුවක්, කම්කරු නායකයෝ ඉන්න ආණ්ඩුවක්, ඒගොල්ලෝ මේ තත්ත්වය පත් වුණා කියන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන ඔටුන්නේ රස්නේ තමයි කියන එක අපිට පේන්න තියෙන්නේ," යැයි වෘත්තිය සමිති නායකයා බීබීසි සිංහල සේවයට පැවසීය.

'පනත අහෝසි කළේ නෑනේ, පනතට අණ්ඩ දාලා නේ තියෙන්නේ'

විදුලි බල මණ්ඩලයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට කළ යුතුව තිබුණේ පෙර පැවති පනත අහෝසි කිරීම බව ඔහු පෙන්වා දෙයි.

"ස්වාධිපත්‍යය තියා ගන්න ඒගොල්ලෝ කිව්වේ පනත අහෝසි කරනවා කියලා නේ. දැන් පනත අහෝසි කළේ නෑනේ, පනතට අණ්ඩ දාලානේ තියෙන්නේ. අණ්ඩ දාන්නේ නැතුව පනත අහෝසි කරලා සුබවාදී පනතක් ගේන්නකෝ. නැති නම් විදුලි බල මණ්ඩලය හැටියට ම තියලා ඔය ප්‍රතිව්‍යුගතකරණය කරන්න," යැයි ප්‍රියන්ත වික්‍රමසිංහ අවධාරණය කළේ ය.

(උපුටා ගැනීම - බීබීසී සිංහල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...