මෙම පනත කිසිදු දිනක අවභාවිතා කර නැතැයි පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (18) පිවිතුරු හෙළ උරුමය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...
ආණ්ඩු, ආණ්ඩු විරෝධින් මර්දනය කරන්න අවභාවිත කරන භයානකම පනත
''මම පර්යේෂණ කටයුත්තකට විදේශ ගත වී සිටි අතරේ මට එරෙහිව අයිසීසීපීආර් පනත යටතේ විමර්ශනයක් ආරම්භ කළ බවට සීඅයිඩිය කොටුව මහේස්ත්‍රාත්වරියට බී වාර්තාවක් හරහා දැනුම් දී තිබුණා. ලොව පුරා ආණ්ඩු, ආණ්ඩු විරෝධින් මර්දනය කරන්න අවභාවිත කරන භයානකම පනත විධියට තමයි අයිසීසීපීආර් පනත හඳුනා ගන්නේ.
ලංකාවේ අයිසීසීපීආර් පනත වසර 18ක් තිබුණා. නමුත් කිසිම ආණ්ඩුවක් විපක්ෂය මර්දනය කරන මෙවලමක් විධියට මේ පනත කවදාවත් අවභාවිතා කරලා නෑ. මේ පිළිබඳ මම දැනටමත් අධිකරණය ඉදිරියේ නඩු පවරලා තිබෙන නිසා ඒ ගැන මම ඊට වඩා කතා කරන්නේ නෑ.
ආණ්ඩුව හය වතාවක් කළ නින්දිත උත්සාහය
මාලිමා නාගරික මන්ත්‍රිවරු පොලිස් මූලස්ථානය ඉදිරිපිට මාව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක් කළා. මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිතුමා මාව අත්අඩංගුවට ගන්නවා කිව්වා. සීඅයිඩිය මාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලා ගෙන අධිකරණය ඉදිරියට ගියාට අධිකරණය පදනම් විරහිතව වරෙන්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා.
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට බොහොම පිං
මෙතරම් කාර්යබහුල වෙලත් මේ පදනම් විරහිත විමර්ශනය පටන් අරන් මම කිසිම දූෂණයක් කරලා නෑ කියන චරිත සහතිකය නිකුත් කරන්න වෙලාව වෙන් කිරීම ගැන ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට බොහොම පිං.
ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘති තුන
මාලිමා ආණ්ඩුව තරම් වේගයෙන් ජනප්‍රියතාවය පිරිහුණු ආණ්ඩුවක් ලෝක ඉතිහාසයේ කවදාවත් තිබුණේ නෑ කියලා පුංචි ඡන්ද ප්‍රතිඵලය දැක්කාම අපි කිව්වා. තමන් බලයට ඇවිත් මාස හයක් ඇතුළත ඡන්ද පදනම 34%කින් අඩු වුණු ආණ්ඩුවක් ලොවෙත් නෑ තමයි.
මේ නිසා ආණ්ඩුව ව්‍යාපෘති තුනක් දියත් කරලා තිබෙනවා. පළමු ව්‍යාපෘතිය තමයි විපක්ෂයේ ක්‍රියාකාරින් සිරගත කරලා විපක්ෂය බියට පත් කරලා අකර්මන්‍ය කරන්න උත්සාහ කරන එක. අද මාලිමා නායකයෝ තමන්ගේ ක්‍රියාකාරින්ට කියන්නේ “බය වෙන්න එපා. විපක්ෂයේ කෑ ගහන අය හැමෝම අපි ඇතුලට දාලා තමයි ඊ ලඟ මැතිවරණයට යන්නේ. ඊ ලඟ ඡන්දයේ දී අපට තර්ජනයක් වෙන එක්කෙනෙක්වත් ඉතිරි කරන්නේ නෑ “ කියලා. බොරු නඩු හදලා රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාව අත්අඩංගුවට ගත්තේත් මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන්නේත් ඔන්න ඔය ව්‍යාපෘතිය යටතේ තමයි.
දෙවන ව්‍යාපෘතිය තමයි රාජ්‍යය අත්පත් කර ගැනීම. ආණ්ඩු බලය නැති වුණත් රාජ්‍යය තමන් සතු කර ගැනීම තමයි මාලිමා උපාය. ඒ නිසා සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරින්ට වෙන් කරලා තිබෙන දෙපාර්තමේන්තු ප්‍රධානි තනතුරු පවා අද මාලිමාවේ අයගෙන් පුරවනවා. ආණ්ඩු බලය යොදා ගෙන ගමේ දායක සභාවේ මරණාධාර සභාවේ පවා බලය අල්ලනවා.
තුන්වන ව්‍යාපෘතිය තමයි මහ පරිමාණ වංචාව. අද රෑ දොළහට තැබෑරුම් වහනවා කිව්වාම බේබද්දන් බොන විධියට තමයි අද ආණ්ඩුවේ ලොක්කන් සොරකම් කරන්නේ. බහාලුම් 323 වංචාව, සහල් මිල වංචාව, සහස්දනවි වංචාව, සීනි වංචාව සහ ගල් අඟුරු වංචාව යනාදි වංචා ගණනාවක් අපි හෙළිදරව් කළා. ඒ නිසා තමයි ආණ්ඩුවේ ව්‍යාපෘති තුන ඉදිරියට ගෙනියන්න නම් අපේ කටවල් වහලා ඉන්න ඕනි කියලා ආණ්ඩුව තීරණය කරලා තිබෙන්නේ.''




