නෝට්ටුද යන්න පිළිබඳව සුපරික්ෂාකාරිව හා අවධානයෙන් යුතුව තහවුරු කර ගන්නා ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
මුදල් නෝට්ටු ව්‍යාජ නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසුව මුදල් නෝට්ටු පරිහරණය කිරීමටත් එවැනි ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැන්නා හෝ ගනුදෙනු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලද වහාම ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියි.
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
මේ අතර ඊයේ සවස් කාලයේදී රුපියල් පන් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 145 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හබරණ නගරයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්‍ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 3 ක් පළමුව සොයාගත් බව පොලිසිය පවසයි.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හබරණ සහ අනුරාධපුර ප්‍රදේශවලදී තවත් රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙක බැගින් සන්තකව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් අනතුරුව පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 138 ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, ස්කෑන් සහ මුද්‍රණ යන්ත්‍රයක් සමග අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් හබරණ, අනුරාධපුර සහ පෑදෑව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ..




