සලසන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයේ ලේකම්වරයාට, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට අද (සැප්. 18) නියෝග කළේ ය.
ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි එන්.ජී. කමලාවතී විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර ප්‍රවාහන අමාත්‍යාවරයා, එම අමාත්‍යංශයේ ලේකම් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි.
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ පනතේ 23 වගන්තිය මගින් තහවුරු කර ඇති පෙත්සම්කාර ආබාධිත තැනැත්තන්ගේ අයිවාසිකම් මෙම නඩුවේ වග උත්තරකරුවන් විසින් උල්ලංඝණය කර ඇති බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, මෙම නඩුවේ ආබාධිත සහිත පෙත්සම්කාරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට ද වගඋත්තරකරුවන්ට නියෝග කරනු ලැබිණි.
මහව සිට වව්නියාව දක්වා අතර ඇති දුම්රිය ස්ථාන 2006 අංක 01 දරන නියෝග අනුව නවීකරණය කළ යුතු බවට ද වගඋත්තරකරවන්ට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදනවලින් මෙම නවීකරණ කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවට ද නියෝග කෙරිණි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු වගඋත්තරකරුවන් සමග සාකච්ඡා කොට මෙම නවීකරණ කටයුතුවලට අදාළ ක්‍රියාකාරී සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති දෙපාර්තෙම්න්තුවට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, ප්‍රශ්නගත මෙම නවීකරණ කටයුතු අවසන් වන තෙක් ඒවායේ ප්‍රගතිය විමසා බැලීම සඳහා මෙම නඩුව වරින් වර කැඳවීමට ද නියෝග කෙරිණි.
මෙසේ නියෝග කළේ, ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට වව්නියාව දක්වා කොටසේ ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී එම දුම්රිය ස්ථානවලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් නොසලසා ප්‍රමිතියෙන් තොරව දුම්රිය ස්ථාන අලුත්වැඩියා කර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණය හමුවේ පවරා අති නඩුව යළි කැඳවූ අවස්ථාවේ එම නඩුවේ තීන්දුව ලබා දෙමිනි.
| mawbima




