The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

දුනිත්ගේ පියාගේ වියෝව ගැන ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සංවේදී වෙයි

T

The Leader Desk

September 19, 2025 • 4:10 AM

දුනිත්ගේ පියාගේ වියෝව ගැන ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සංවේදී වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ගනිස්තාන හිටපු නායකයෙකු මෙන්ම ඊයේ (18) තරගයේ දී සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ මොහොමඩ් නබිද ඒ අතර සිටියි.
  • ඔහු සිය 'X' ගිණුමේ දුනිත් සහ ඔහුගේ පියා එක්ව සිටින ඡායාරූපයක් පළකරමින් දුනිත්ගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළ කර ඇත.
  • එමෙන්ම බංග්ලාදේශ විස්සයි20 නායක ලිටන් දාස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙන්නැයි තමන් දෙවියන්ගෙන් අයැද සිටින බවයි.
  • ඔබේ පියා වන සුරංග වෙල්ලාලගේ වයස අවුරුදු 54 දී අභාවප්‍රාප්තවීම ඇසීම අතිශයින් කණගාටුයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇෆ්ගනිස්තාන හිටපු නායකයෙකු මෙන්ම ඊයේ (18) තරගයේ දී සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ මොහොමඩ් නබිද ඒ අතර සිටියි.

ඔහු සිය 'X' ගිණුමේ දුනිත් සහ ඔහුගේ පියා එක්ව සිටින ඡායාරූපයක් පළකරමින් දුනිත්ගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළ කර ඇත.

"තම ආදරණීය පියාගේ වියෝව ගැන දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළකරනවා. ශක්තිමත්ව සිටින්න සහෝදරයා" යනුවෙන් පවසා තිබේ.

nabi

එමෙන්ම බංග්ලාදේශ විස්සයි20 නායක ලිටන් දාස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ,  දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙන්නැයි තමන් දෙවියන්ගෙන් අයැද සිටින බවයි.

"දුනිත් වෙල්ලාලගේ, ඔබ ශක්තිමත්ව ඉන්න.

ඔබේ පියා වන සුරංග වෙල්ලාලගේ වයස අවුරුදු 54 දී අභාවප්‍රාප්තවීම ඇසීම අතිශයින් කණගාටුයි. ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔහුට සදාකාලික සාමය ලබා දී, මෙම අසීරු අවස්ථාවේදී දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙත්වා" යනුවෙන් දක්වා ඇත.

little post
ඔවුන්ට අමතරව බංග්ලාදේශ ක්‍රීඩකයන් වන ටස්කින් අහ්මඩ්, තව්හිද් රිදෝයි ඇතුළු කිහිප දෙනෙකුම සිය ශෝකය පළකර තිබේ.


dunith father

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාගේ මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (18) අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 54කි. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පානදුර රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී මියගොස් තිබිණ.

සුරංග වෙල්ලාලගේ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ඔහුගේ පුත්‍රයා වන දුනිත් වෙල්ලාලගේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ රාත්‍රියේ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟයට ක්‍රීඩා කරමින් සිටින අතරතුරයි.

තරඟය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුවන් විසින් සිය පියාගේ අභාවය පිළිබඳව දුනිත් වෙල්ලාලගේට දැනුම්දී ඇත.

ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගය අතරතුර අබුඩාබි හි ක්‍රීඩකයන් ඇඳුම් මාරුකරන කාමරයට වෙල්ලාලගේගේ පියාගේ අභාවය පිළිබඳ ඛේදජනක පුවත ක්‍රීඩක කාමරය ලැබී තිබිණ.

කණ්ඩායම් නිලධාරීන් මුලින්ම නිවසේ වෛද්‍ය හදිසි අවස්ථාවක් පිළිබඳව දුනිත්ට දැනුම් දී ඇති අතර මිනිත්තු කිහිපයකට පසු ඔහුගේ පියා මිය ගිය බව තහවුරු කර ඇත.

කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් එම පුවත ලැබීමෙන් පසු සංවේදී වූ වෙල්ලාලගේ ටික වේලාවකට පසු කණ්ඩායම් නවාතැන් ගන්නා හෝටලයට ආපසු ගොස් තම ශෝකයට පත් පවුල සමඟ එක්වීමට ගුවන් යානයකින් කොළඹ කරා පැමිණීමට නියමිතව තිබිණ. දුනිත් සමඟ කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ ද ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතව සිටියේය.

තම කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම පුවතින් ශෝකයට පත්වූ අතර එය ශෝකය පළකිරීම වෙනුවෙන් නිහඬතාවයද පළකර ඇත.

මේ අතර ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු චරිත් සේනානායක සිය සමාජ ජාල ගිණුමේ මේ පිළිබඳ සටහනක් තබා ඇත.

පහතින් දැක්වෙන්නේ චරිත්ගේ සටහනයි.

"වෙල්ලාගේ පියාගේ අභාවය ගැන ඇහුවම ඇත්තටම දුකයි. ඔහුගේ ආත්මය සමාදානයේ සැතපේවා.! තමන්ගේ දරුවා ජාතිය නියෝජනය කරන විට දෙමව්පියෙකු දරන බර මම හොඳටම දන්නවා. එය ආඩම්බරය, පීඩනය සහ පරිත්‍යාගය යන සියල්ල එක තැනකට එකතු වෙන තැනක්. මේක අපිත් එක්ක ඉන්න වගේම, මගේම ආදරණීය පියා ඇතුළු මියගිය හැම මවක්ම සහ පියෙක්ම ඉටුකරන දේ ඇතුළේ කරන පුංචි කැපවීමක් විතරයි"

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දුනිත්ගේ පියාගේ වියෝව ගැන ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සංවේදී වෙයි | The Leader