The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අවුරුදු දෙකක් ගතවූ නැගෙනහිර කිරි ගොවි අරගලයට තාමත් විසඳුම් නෑ

T

The Leader Desk

September 19, 2025 • 5:21 AM

අවුරුදු දෙකක් ගතවූ නැගෙනහිර කිරි ගොවි අරගලයට තාමත් විසඳුම් නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "කිරි ගොවීන්ගේ ජීවනෝපාය සඳහා මහවැලියෙන් ලබා දුන් හෙක්ටයාර 3025 අපිට ගැසට් කරලා දෙන්න කියලා ඉල්ලීම් කරලා තමයි අපි පාරේ සටන් කරමින් ඉන්නේ.
  • නිලධාරීන් කිව්වේ තණබිම් ටිකෙන් ටික නිදහස් කරනවා කියලා.
  • කිරි ගොවීන් දෙවසරකට ඉහත දී පෙන්වා දී තිබුනේ ගවයන්ට කැවීම සඳහා භාවිත කළ අක්කර 6000 ක භුමියෙන් සරුසාරෙට තණකොළ වැවෙන අක්කර 2500 ට වැඩි ප්‍රදේශයක් සිංහල ගොවියන් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

"කිරි ගොවීන්ගේ ජීවනෝපාය සඳහා මහවැලියෙන් ලබා දුන් හෙක්ටයාර 3025 අපිට ගැසට් කරලා දෙන්න කියලා ඉල්ලීම් කරලා තමයි අපි පාරේ සටන් කරමින් ඉන්නේ. අපි දින 730ක් තිස්සේ විසඳුමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා."

කිරි ගොවීන්ගේ ගැටළුවට විසදුම් ලබා දෙන ලෙස බල කරමින් මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී 2023 වසරේ සැප්තැම්බර් 15 වැනි සිකුරාදා දෙමළ කිරි ගොවීන් ආරම්භ කළ විරෝධතාවයට වසර දෙකක් සම්පුර්ණ වු 2025 සැප්තැම්බර් 15 වැනිදා මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ බඩ වියත තිරසාර ලෙස රැක දෙන විසඳුමක් ලබා දෙන ලෙසයි.

 

WhatsApp Image 2025 09 15 at 13.31.43

"NPP ආණ්ඩුවේ මන්ත්‍රී කන්දසාමි ප්‍රභු ඇවිල්ලා බැලුවා. නමුත් විසදුමක් නැ. නිලධාරීන් කිව්වේ තණබිම් ටිකෙන් ටික නිදහස් කරනවා කියලා. නමුත් කිසිවක් සිදුවී නැහැ. එම නිසා මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දී පවුල් 3000 කගේ ජීවනෝපාය බේරා දෙන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා."

 

මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී 2023 වසරේ සැප්තැම්බර් 15 වැනි සිකුරාදා දෙමළ කිරි ගොවීන් මුල් වරට විරෝධතාව ආරම්භ කර තිබුනේ 2023 සැප්තැම්බර් 13 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි කමිටු රැස්වීමේදී කිරි ගොවීන්ගේ ගැටළුවට විසදුම් ලබා දීමට තමන්ට නොහැකි බව දිස්ත්‍රික් ලේකම් කමලාවතී පද්මරාජා පැවසීමෙන් පසුවයි.

 

WhatsApp Image 2025 09 15 at 13.31.59
එදින සිට දියත් කළ  විරෝධතාවයට වසර දෙකක් සම්පුර්ණ වු 2025 සැප්තැම්බර් 15 වැනි සදුදා චිත්තාන්ඩි ගණ දෙවි කෝවිල අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් අරගල භුමිය වෙත පැමිණි කිරි ගොවීන් දියත් කළ උද්ඝෝෂණයට ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාසමාණික්කම් හා  ඉලයතම්බි ශ්‍රීනාත් ද එක්ව සිටියහ.

මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් ඒ සමයෙහි පදිංචි කළ සිංහල පවුල් 150 ට පමණ බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව කිරි ගවයන් පාලනය කරන්නන් සහ වගාකරුවන් අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති වී තිබුනි.

 

කිරි ගොවීන් දෙවසරකට ඉහත දී පෙන්වා දී තිබුනේ ගවයන්ට කැවීම සඳහා භාවිත කළ අක්කර 6000 ක භුමියෙන් සරුසාරෙට තණකොළ වැවෙන අක්කර 2500 ට වැඩි ප්‍රදේශයක් සිංහල ගොවියන් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවයි.

 WhatsApp Image 2025 09 15 at 13.31.57

වසරකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කළ අරගලයේ ප්‍රතිළුලයක් ලෙස සිංහල ගොවීන් එම භුමියෙන් ඉවත්ව ගිය ද කිරි ගවයන්ට තණ කෑම සදහා වෙන්කර තිබෙන භුමිය ගැසට් පත්‍රයක් මගින් මෙතෙක් පවරා නොදීම නිසා පෙර දී මුහුණ දුන් ගැටළුව යළිත් වරක් ඉස්මතු විය හැකි බව මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් අවධාරණය කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අවුරුදු දෙකක් ගතවූ නැගෙනහිර කිරි ගොවි අරගලයට තාමත් විසඳුම් නෑ | The Leader