The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මුස්ලිම්වරුන් වලදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවලක් කැනීමට නියම කෙරේ

T

The Leader Desk

September 19, 2025 • 3:37 PM

මුස්ලිම්වරුන් වලදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවලක් කැනීමට නියම කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැගෙනහිර පළාතේ සමූහ මිනී වළක් බවට සැක කෙරෙන ස්ථානයේ කැනීම් ආරම්භ කිරීමට අධිකරණය නැවතත් අනුමැතිය දී තිබේ.
  • ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ සමුහ මිනී වළක කැනීම් කටයුතු ආරම්භ කිරීමට මෙවර අනුමැතිය දී ඇත්තේ කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයයි.
  • රංජිත්කුමාර් 2025 අගෝස්තු 25 වැනිදා රජයේ නිලධාරීන්ට නියෝග කර ඇත්තේ මඩකලපුව, කලවංචිකුඩි, කුරුක්කුලමඩම්හි සමුහ මිනී වළක් ඇති බව පැවසෙන ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙසයි.
  • වසරේදී දී ශුද්ධ වූ හජ් වන්දනාව අවසන් කිරීමෙන් පසු කල්මුණේ හරහා කාත්තන්කුඩි වෙත ගමන් කරමින් සිටි මුස්ලිම්වරුන් 168 ක පිරිසක් සන්නද්ධ කණ්ඩායමක් විසින් සමුල ඝාතනය කර වළ දැමීම සම්බන්ධයෙන් වන නඩුව 2025 සැප්තැම්බර් 11 වැනි දින කලවංචිකුඩ් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

නැගෙනහිර පළාතේ සමූහ මිනී වළක් බවට සැක කෙරෙන ස්ථානයේ කැනීම් ආරම්භ කිරීමට අධිකරණය නැවතත් අනුමැතිය දී තිබේ.

ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ සමුහ මිනී වළක කැනීම් කටයුතු ආරම්භ කිරීමට මෙවර අනුමැතිය දී ඇත්තේ කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයයි.

එම සමුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයටයි.

කලවංචිකුඩි මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් 2025 අගෝස්තු 25 වැනිදා රජයේ නිලධාරීන්ට නියෝග කර ඇත්තේ මඩකලපුව, කලවංචිකුඩි, කුරුක්කුලමඩම්හි සමුහ මිනී වළක් ඇති බව පැවසෙන ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙසයි.


ශ්‍රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී කැනීම් ආරම්භ කිරීමට නියමිත පළමු සමූහ මිනීවල මෙය වන්නේය.


කුරුක්කුලමඩම්හි සමුහ මිනි වළක් ඇති බවට පැමිණිලි ලැබී ඇති ස්ථානය අවට ප්‍රදේශය නිරීක්ෂනය කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සැප්තැම්බර් 4 වැනිදා එක්ව තිබුනේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ මඩකලපුව ශාඛාවේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් සමගයි.

1990 වසරේදී  දී ශුද්ධ වූ හජ් වන්දනාව අවසන් කිරීමෙන් පසු කල්මුණේ හරහා කාත්තන්කුඩි වෙත ගමන් කරමින් සිටි මුස්ලිම්වරුන් 168 ක පිරිසක් සන්නද්ධ කණ්ඩායමක් විසින් සමුල ඝාතනය කර වළ දැමීම සම්බන්ධයෙන් වන නඩුව 2025 සැප්තැම්බර් 11 වැනි දින කලවංචිකුඩ් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන තිබුනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු කලවංචිකුඩි මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සමුහ මිනී වළ පවතින බවට සැක කෙරෙන භුමිය 2025 සැප්තැම්බර් 11 වැනිදා දෙවැනි වරටත් නිරීක්ෂණය කළ බවයි.

එම අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිඥයන්, මන්මුනෙයි දකුණු එරුවිල් පත්තු ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභා සභාපති, පොලිසිය, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  (OMP) නිලධාරීන්,  අධිකරණ වෛද්‍ය නිලධාරි පොලිසිය සහ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන්ද එක්ව තිබේ.

2014 සංචාරක අධිකරණයේ

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 1990 වසරේ හජ් වන්දනාව අවසන් කර කාත්තන්කුඩිය වෙත පැමිණෙමින් සිටි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් සමුල ඝාතනය කර වළ දමා ඇති බවට ප්‍රදේශවාසියකු වන අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් කලවංචිකුඩ් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව 2014 දී කලවංචිකුඩි සංචාරක අධිකරණයේ නඩුවක් ගොනු කර තිබු බවයි.

එම නඩුව 2014 වසරේ ජුලි 01 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ සමුල ඝාතනය කළ පිරිස වළ දමා ඇති බවට සාධාරණ සැකයක් පවතින භුමිය කැනීම් කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස විනිසුරු  ඒ.එම් රියාල් නියෝග කළත් එම කටයුතු සිදු නොවු බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.


පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් සිය නීතිඥයන් මාර්ගයෙන් කලවංචිකුඩ් මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද මෝසමක් මත පදනම්ව 2025 ජුලි 11 වැනි දින විවෘත අධිකරණයේදී මෙම නඩුව යළි විභාගයට ගෙන තිබේ.


එදින මහේස්ත්‍රාත්වරයා නඩුව යළි ජුලි 21 වැනි දිනට කල් තබා ඇත්තේ එදිනට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  (OMP) හා නීතිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමිනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එම නඩුව ජුලි 21 වැනිදා විභාගයට ගන්නා අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කිසිවකුත් අධිකරණයට පැමිණ නොසිටිය අතර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නීතිඥයන් දෙදෙනකු පමණක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු බවයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නීතිඥයන් එදින අධිකරණයට දැනුම් දී ඇත්තේ සමුහ මිනි වළ පවතින බවට සැක කෙරෙන ස්ථානයේ කැනීම් කටයුතු සිදු කළ යුතු බවට 2020 වසරේදී සිය කාර්යාලය මගින් අධිකරණයට වාර්තාවක් ලබා දී ඇති අතර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය තවමත් එම ස්ථාවරයේ සිටින බවයි.

කලවංචිකුඩ් මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් 2025 ජුලි 21 ක් වැනිදා කොළඹ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර ඇත්තේ  මඩකලපුව, කලවංචිකුඩ්, කුරුක්කුලමඩම්හි සමුහ මිනී වළ කැනීම සදහා වන සැලසුම් වාර්තාව මීලග නඩු දිනය වන 2025 අගෝස්තු 25 වන දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එදිනට නීතිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් නියෝග කර තිබේ.


2025 අගෝස්තු 25 වැනිදා නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේ මඩකලපුව, කලවංචිකුඩ්, කුරුක්කුලමඩම්හි සමුහ මිනී වළ කැනීමට අනුමැතිය ලබා දුන් මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙස අදාල රජයේ ආයතන වලට නියෝග ලබා දී තිබේ.


පසු දින වු අගෝස්තු 26 වැනිදා වින්දිත පාර්ශවයේ සාක්ෂිකරුවන් සමග සමුහ මිනී වළ පවතින බවට සැක කෙරෙන භුමිය පළමු වරට නිරීක්ෂණය කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබුනි.

කුරුක්කුලමඩම්හි වෙරළ ප්‍රදේශය ආසන්නයේ සමුහ මිනි වළ පවතින බවට හදුනාගෙන ඇති භුමියට පොලිස් ආරක්ෂාව සපයන ලෙස කලවංචිකුඩ් මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් නියෝග කර තිබුනේ එදිනයි.

2025 සැප්තැම්බර් 23 වැනි දින මෙම නඩුව යළි විභාගයට ගැනීමට නියමිතය.

ftyu456747

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුස්ලිම්වරුන් වලදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවලක් කැනීමට නියම කෙරේ | The Leader