The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මගේ වත්කම් ගැන පක්ෂය‌ට ගැටලුවක් නෑ - ඇමති වසන්ත

T

The Leader Desk

September 19, 2025 • 4:20 PM

මගේ වත්කම් ගැන පක්ෂය‌ට ගැටලුවක් නෑ - ඇමති වසන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම වත්කම් වෙනත් පුද්ගලයන්ට මැජික් එකක් වුවද තමන්ට එය මැජික් එකක් නොවන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.
  • අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18දා) අනුරාධපුර නෙළුබෑව ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
  • පෞද්ගලිකව තමන්ගේ ආර්ථිකය ගොඩනැගීම පිළිබඳව තම පක්ෂයට හෝ තම සාමාජිකයන්ට, පාක්ෂිකයන්ට ගැටලුවක් නොමැති බවත්, මෙය ගැටළුවක් වී ඇත්තේ පසුගිය කාලයේදී මහජන මුදල් සොරාකපු හා අවභාවිත කළ පුද්ගලයන්ට වන බව අමාත්‍යවරයා කීය.
  • විදුලි බල මණ්ඩලයේ විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමිති සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම වත්කම් වෙනත් පුද්ගලයන්ට මැජික් එකක් වුවද තමන්ට එය මැජික් එකක් නොවන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18දා) අනුරාධපුර නෙළුබෑව ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

පෞද්ගලිකව තමන්ගේ ආර්ථිකය ගොඩනැගීම පිළිබඳව තම පක්ෂයට හෝ තම සාමාජිකයන්ට, පාක්ෂිකයන්ට ගැටලුවක් නොමැති බවත්, මෙය ගැටළුවක් වී ඇත්තේ පසුගිය කාලයේදී මහජන මුදල් සොරාකපු හා අවභාවිත කළ පුද්ගලයන්ට වන බව අමාත්‍යවරයා කීය.

විදුලි බල මණ්ඩලයේ විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමිති සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවය.

කීරි සම්බා පරිභෝජනය කරන පිරිස හා ප්‍රමාණය සම්බන්ධ ප්‍රශ්නයක් මතු කරමින් සිටින බැවින්, කීරි සම්බා ආදේශන මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවත්, කූට ව්‍යාපාරිකයන් විසින් සහල් තොග රැස් කරන්නේ නම් ඊට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවත්, ලබන කන්නය වන විට සහල් මිලදී ගැනීම මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කරමින්, කීරි සම්බා කිලෝ එක රුපියල් දෙසිය හැටට අඩුවෙන් ලබාදෙමින් සහල් මාෆියාව නැති කිරීමට රජයේ මැදිහත් වීම සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

( Ada  | අනුරාධපුර චතුරංග)

සබැඳි පුවත් :
ඇමති වසන්ත සමරසිංහ සතු වත්කම් මොනවා ද?: ආණ්ඩුව ඒ ගැන කියන්නේ මොනවා ද?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...