The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රජයේ ගුවන් බෝම්බයෙන් මරා දැමු දෙමළ පිරිසක් වෙනුවෙන් සමරුවක්

T

The Leader Desk

September 20, 2025 • 7:55 AM

රජයේ ගුවන් බෝම්බයෙන් මරා දැමු දෙමළ පිරිසක් වෙනුවෙන් සමරුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෝම්බ ප්‍රහාරය එල්ල වු මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් ග්‍රාමයේදී සැප්තැම්බර් 15 වැනි සදුදා පැවැති අනුස්මරණය සිදු කළේ සමුලඝාතනයට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙනි.
  • අනුස්මරණය එක්ව සිටි ඥාතීන් අහිමි වී ගිය තම සමීපතමයන්ගේ ඡායාරූප වලට හැඬු කඳුලින් යුතුව මල් මාලා පළදවමින්, පහන් දල්වා ඔවුන්ට උපහාර දැක්වීමට කටයුතු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • සැප්තැම්බර් 1999 මන්දුවිල් වැසියන් ජනාකීර්ණ කඩමණ්ඩියේ දෛනික කටයුතු වල නිරතව සිටියදී 1999 වසරේ සැප්තැම්බර් 15 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනාවක් විසින් හෙළනු ලැබු බෝම්බ දෙකකින් මියගිය ගම් වැසියන් ගණන 24 කි.
  • මිය ගිය අය අතර වයස අවුරුදු දොළහේ සහ පහළොවේ සිසුවියන් දෙදෙනකුද සිටි බව උතුරු නැගෙනහිර මානව හිමිකම් ලේකම් කාර්යාංශය (NESOHR) සහ උතුරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය (SNE) විසින් ලේඛනගත කළ තොරතුරු වල සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


බෝම්බ ප්‍රහාරය එල්ල වු මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් ග්‍රාමයේදී සැප්තැම්බර් 15 වැනි සදුදා පැවැති අනුස්මරණය සිදු කළේ  සමුලඝාතනයට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙනි.

අනුස්මරණය එක්ව සිටි ඥාතීන් අහිමි වී ගිය තම සමීපතමයන්ගේ ඡායාරූප වලට හැඬු කඳුලින් යුතුව මල් මාලා පළදවමින්, පහන් දල්වා ඔවුන්ට උපහාර දැක්වීමට කටයුතු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 

IMG 20250915 WA0154

15 සැප්තැම්බර් 1999

මන්දුවිල් වැසියන් ජනාකීර්ණ කඩමණ්ඩියේ දෛනික කටයුතු වල නිරතව සිටියදී 1999 වසරේ සැප්තැම්බර් 15 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනාවක් විසින් හෙළනු ලැබු බෝම්බ දෙකකින් මියගිය ගම් වැසියන් ගණන 24 කි.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ ස්ථානයේදීම ගම් වැසියන් දස දෙනකු මරුමුවට පත්ව ඇති අතර තුවාල ලැබු සෙසු පිරිසෙන් දාහතර දෙනකු පසුව මිය ගොස් තිබේ.

මිය ගිය අය අතර වයස අවුරුදු දොළහේ සහ පහළොවේ සිසුවියන් දෙදෙනකුද සිටි බව උතුරු නැගෙනහිර මානව හිමිකම් ලේකම් කාර්යාංශය (NESOHR) සහ උතුරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය (SNE) විසින් ලේඛනගත කළ තොරතුරු වල සඳහන් වේ.

මන්දුවිල් ගම් වැසියන් පවසන්නේ ප්‍රහාරයෙන් තවත් හතලිහකට අධික පිරිසක් තුවාල ලැබු බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ මෙම ප්‍රහාරය එල්ල කරද්දී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති ධූරය දරන ලද්දේ එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි විසිනි.

2002 ජූලියේ විශ්‍රාම ගිය ඔහු චන්ද්‍රිකා-රනිල් පාලනය විසින් පකිස්තානයේ මහ කොමසාරිස් වශයෙන් පත්කර යවන ලදී.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ටැමිල්නෙට් පුරෝගාමී කතුවර  ධර්මරත්නම් සිවරාම්  ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් ඝාතනය කළ දිනයේම එම පුවත මියගියවුන්ගේ නම්ද සමගින් වාර්තාකර තිබු ආකාරය පහතින්.

Tamil Net

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...