අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පවසයි.
විදේශ තානාපතිවරුන් එසේ අත්පත් කරගන්නා ප්‍රගතිය අපනයන සංවර්ධන අමාත්‍ය සභාවට දැනුම් දෙන බව ද සභාපතිවරයා කීය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මේ අදහස් පළ කළේ 'voicetube' යූ ටියුබ් නාලිකාවේ 'Inside voice' සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමිනි.
2030 දී අපනයන ආදායම ඩොලර් බිලියන 36ක ඉලක්කයක් සපුරාගැනීම සඳහා සාම්ප්‍රදායික ගමනාන්තවලින් ඔබ්බට යෑමේදී තානාපතිවරුන්ගේ මෙම සේවය ඉතා වැදගත් බව ඔහු කීය.
අපනයනයේදී මේ වනවිට ඇතැම් රටවල හා අංශවල පැහැදිලි ප්‍රගතියක් දැනටමත් අත්පත් කරගෙන ඇති බව කී සභාපතිවරයා පසුගිය කාලයේදී යුරෝපා රටවල අපනයන ප්‍රගතිය සියයට හතළිහකින් ඉහළ ගොස් ඇති බව පෙන්වාදුන්නේය.
මෙම වර්ධනය සඳහා ලංකාවේ භාණ්ඩවල ගුණාත්මකභාවය මෙන්ම තානාපති සේවාවේ කැපී පෙනෙන මැදිහත්වීම අගය කළ යුතු බව ඔහු පැවසුවේය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




