The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අනුරලාගේ වත්කම් ඉල්ලා 'ආර්.ටී.අයි' පෝලිමක් !

T

The Leader Desk

September 20, 2025 • 2:59 PM

අනුරලාගේ වත්කම් ඉල්ලා 'ආර්.ටී.අයි' පෝලිමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉල්ලුම්පත් (RTI) විශාල වශයෙන් ගලා එමින් තිබෙන බව වාර්තාවේ.
  • මෙසේ තොරතුරු ඉල්ලා ඇති පිරිස අතර දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සහ මන්ත්‍රීවරු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද වෙති.
  • මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ප්‍රකාශ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අයදුම්පත්‍රයක් යොමු කළ බවයි.
  • එසේම ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ඉල්ලා මැතිවරණ කොම්ෂන් සභාවටද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ  ලබා ගැනීමට අල්ලස්  හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉල්ලුම්පත් (RTI) විශාල වශයෙන් ගලා එමින් තිබෙන බව වාර්තාවේ.

මෙසේ තොරතුරු ඉල්ලා ඇති පිරිස අතර දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සහ මන්ත්‍රීවරු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ප්‍රකාශ  තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අයදුම්පත්‍රයක් යොමු කළ බවයි.


එසේම ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ඉල්ලා මැතිවරණ කොම්ෂන් සභාවටද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසූවේ,  ඒ ඒ පක්ෂවල නියෝජිතයන් ලබා දෙන වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන බවයි.


ඒ තොරතුරු ලබාගත යුත්තේ එම කොමිෂන් සභාවෙන් බවත් ඒවා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නැති බවත් ඔහු කීවේය.

ආණ්ඩුවේ දේශපාලනඥයන් රැසකගේ වත්කම් බැරකම් ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමෙන් ඒ සම්බන්ධයෙන් සමාජයේ ප්‍රබල කතා බහක් මතුව ඇත.

( lankadeepa | සුජිත් හේවාජුලිගේ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...