හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ආණ්ඩුව විපක්ෂයේ පක්ෂ නායකයන් දඩයම් කරනවා නම් ඊට එරෙහිව සියලු දෙනා එක්ව රොද බැඳ සිටින බවද රනිල් වික්‍රමසිංහ කීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය අමතමිනි.
''මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ''
තමන් ලන්ඩනයේ විශ්වවිද්‍යාල උපාධි උත්සවයට එක්වූයේ නිල ආරාධනාවකට බව ද හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සංවත්සර උත්සවය අමතමින් පැවැසීය.
2022දී තමන් රට භාර ගන්නා විට පැවැති දළ ජාතික නිශ්පාදිතය ඩොලර් බිලියන 76.8ක් වූ බවත් තමන් අනුර කුමාර දිසානායක ට රට භාර දෙන විට එම අගය ඩොලර් බිලියන 98.9ක් දක්වා වැඩි බවත් හිටපු ජනපතිවරයා පැවැසීය.
“මම මුලින්ම ගියේ හවානාවට. ඉන් පස්සේ මම නිව්යෝර්ක් ගියා. එහි සිට කොළඹට එන ගමන් මම ලන්ඩනයේ එක රැයක් ගත කළා. ඒක ට්‍රාන්ස්සිට් එකක්. මේවා නිල ගමන්. එතනදී මට තිබුණේ නිල ආරාධනයක්. හිටපු නිසා පිළි ගත්තා. ආරාධනාවක් තිබුණේ නැත්නම් මම ලන්ඩන් නුවර ඉන්නවා. මේක අරගෙනයි මාව ගෙනිච්චේ.
මම මට ආරාධනා කළ ලියුමක් පෙන්නුවා. ඇහුවා මොකක්ද මම ලන්ඩන්වල ඉදන් ගෙනාවේ කියලා. ඕක මටත් අහන්න පුළුවන් අනුර කුමාර ජනපතිගෙන් මොනවද ජර්මනියෙන් ගෙනාවේ කියලා.
මට දැනගන්න ලැබුණා මට විරුද්ධව පැමිණිල්ලක් කර තියෙනවා කියලා. කවුද පැමිණිල්ල කළේ වර්තමාන ජනපතිගේ ජනපති ලේකම්. ඉතුරු කරුණු කියන්න එපා කියලා මට නීතිඥයින් කියලා තියෙන්නේ.
මම මිලියන 16ක් අරගත්තා කියනවා. මම 2022දී රට භාර ගන්න විට දළ ජාතික නිෂ්පාදනය කීයද ඩො.බි. 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙන කොට ඩොලර් බිලියන 98.9 ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොකටද මේවා අරගන්නේ මට වැඩක් නෑ. “
''විපක්ෂයේ අපි එකසත්ව මුහුණ දෙමු''
විපක්ෂයේ පක්ෂ නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම සංවත්සර උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.
''විපක්ෂ නායකයින් නිශ්ශබ්ද කර ඒකාධිපතිවාදයක් හදන්න යනවා. අපි මේකට මුහුණ දෙමු. විපක්ෂයේ නායකයන් අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධව අපි එකට ඉමු. අපි බය නැතුව ඔවුන් සමඟ ඉදිමු. ඒ අය හිතන්නේ අපි මේකට යටත් වේවි කියලා. ඒ නිසා අප මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි.
කවුරුදු 78ක් කලේ මොකක්ද කියා අහනවා..
අපි අධ්‍යාපනය සෞඛ්‍ය දියුණු කළ තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. අද විදුලි බලය නැත්තේ කොහේද? අද වරිච්චි බිත්ති තියෙන ගෙයක් තියෙනවද?
ඕන කෙනෙක්ට හම්බ කරන්න අප විවෘත ආර්ථිකය ගෙනාවා. ඕන තරම් උදාහරණ තියෙනවා. මගෙන් අහන්න එපා. වසන්ත සමරසිංහ ඇමති තුමාගෙන් අහන්න. අප ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා කළේ නැහැ. ජනාධිපති සර්වජන ඡන්දයෙන් තේරුණා. රණසිංහ ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන, අනුර දිසානායක ජනාධිපති වුණා. ඒ ක්‍රමය හැදුවේ කවුද?
අපේ බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කරන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන. මෙතැනින් ඉදිරියට යා යුතුයි. මේ රැස්වීමෙන් පස්සේ අපි විසිර යන්නේ නෑ. එකතුව යා යුතුයි. ඔක්කොම පක්ෂ එකතු වෙලා රට වටේම රැස්වීම් දාහක් තියන්න.එතන එකතු වෙන බලවේගය බලන්න.
මෙතනින් නවතින්න බැහැ. ඊළඟ පියවර ගත යුතුයි. අපි මේ ගමන යමු.එකට එකතු වෙමු.''




