The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සත්ව පාලනය හා ඒකාබද්ධ වුණ සූර්ය බලාගාරය ඉතාම ආදර්ශවත් ව්‍යාපෘතියක් - බලශක්ති අමාත්‍ය

T

The Leader Desk

September 21, 2025 • 6:19 AM

සත්ව පාලනය හා ඒකාබද්ධ වුණ සූර්ය බලාගාරය ඉතාම ආදර්ශවත් ව්‍යාපෘතියක් - බලශක්ති අමාත්‍ය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ පෙරේදා (19) ගැල්ක්සි රිනිවබල් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවයෙන් යුතු සත්ව පාලන (කුකුළු) ගොවිපළෙහි වහල මත සවිකළ සූර්ය පැනල හරහා විදුලි ජනනය කරන සූර්ය විදුලිබලාගාරය විවෘත කළ අවස්ථාවේ දී ය.
  • ඒ ඇරුනාම තරුණ වෘත්තිකයෝ ව්‍යවසායකයෝ කිහිපදෙනෙක් එකතුවෙලා ආරම්භ කළ ව්‍යාපෘතියක් වීමත් නිසා මේ අවස්ථාවට සහභාගිවෙන්න මට ලොකු ඕනකමක් තිබුණා.
  • එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ පෙරේදා (19) ගැල්ක්සි රිනිවබල් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවයෙන් යුතු සත්ව පාලන (කුකුළු) ගොවිපළෙහි වහල මත සවිකළ සූර්ය පැනල හරහා විදුලි ජනනය කරන සූර්ය විදුලිබලාගාරය විවෘත කළ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා...

මෙය ආදර්ශමත් ව්‍යාපෘතියක්

09
''සූර්ය විදුලිබලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වන්න ලැබීම සතුටක්. මේ ව්‍යාපෘතියේ මා දැකපු විශේෂතම ලක්ෂණය සත්ව පාලනය එහෙම නැත්ත‍ං කුකුල් ගොවිපළට බද්ධවෙලා කුකුල් කූඩුවල වහලමත සවි කරපු සූර්ය පැනල භාවිතයෙන් විදුලි නිෂ්පාදනය කරන එක. මේ ආකාරයේ ලංකාවේ සමහර විට එකම ව්‍යාපෘතිය මේක. ඒ ඇරුනාම තරුණ වෘත්තිකයෝ ව්‍යවසායකයෝ කිහිපදෙනෙක් එකතුවෙලා ආරම්භ කළ ව්‍යාපෘතියක් වීමත් නිසා මේ අවස්ථාවට සහභාගිවෙන්න මට ලොකු ඕනකමක් තිබුණා.

මොකද ඔබ දන්නවා අපේ රට ජනගහන ගණත්වය වැඩි රටක්. පුනර්ජනනීය බලශක්තිය වගේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් වෙනුවෙන් උනත් ඉඩම් විශාල ප්‍රමාණයක් යොදාගන්න අපහසුයි. ඉතිං මේ වගේ ගොවිපළ එක්ක, සත්ව පාලනය එක්ක එකාබද්ධ වෙච්ච සූර්ය විදුලි ව්‍යාපෘති ද්විත්ව ප්‍රයෝජන ලබාදෙනවා විතරක් නෙමෙයි ඉඩම් හා ගොඩනැගිලි වඩාත් කාර්යක්ෂමව භාවිත කරන්නත් ඉඩකඩ සලසනවා. ඉතිං කුකුල් පාලනයත් එක්ක බද්ධ වෙච්ච මේ සූර්යබල ව්‍යාපෘතිය ගැන තොරතුරු ක්ෂේත්‍රයේ අනෙකුත් කර්මාන්තකරුවන්ටත් ආරංචි උනාම එගොල්ලොත් මේ වගේ ව්‍යාපෘති ආරම්භ කළොත් ඒක රටට වැඩදායි එකක් වෙයි. ඒ අතින් මේ ව්‍යාපෘතිය ආදර්ශමත් එකක්.

සම්ප්‍රදායානුකූල චින්තනයෙන් ඔබ්බට ගිය නව චින්තනයක්

01
ඒ වගෙම ඒ විදිහට හැදෙන විදුලිබලය ඒ ඒ ගොවිපළවල ම එදිනෙදා කටයුතුවලට භාවිත කරන්න පුළුවන්නං අපි දැන් මුහුණදීලා තියෙන විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වගෙන යන්න අරගන්න සිදුවෙලා තියෙන සීමා කිරීමේ පියවර නොගෙන ඉන්නත්, ඒ වගේම ගබඩා කරන බැටරි පද්ධති වගේ තවත් ආයෝජන අවශ්‍ය වෙන ව්‍යාපෘති නොකර ඒවා වෙනක් ආයෝජනවලට යොමුකරන්නත් අපට පුළුවන්. එමෙන්ම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වන අපේ රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ රටේ බලශක්ති අරමුණු සාර්ථක කරගැනීමට සම්ප්‍රදායානුකූල චින්තනයෙන් ඔබ්බට ගිය නව චින්තනය නව ක්‍රමවේද හා තාක්ෂණය වගේම නව විධික්‍රම‍ භාවිතය අත්‍යාවශ්‍ය යි.''

මෙ අවස්ථාව සදහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ, මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් රත්නායක, ගැල්ක්සි රිනිවබල් සමාගමේ සභාපති ඉංජිනේරු ධනුක ලියනගමගේ, අධ්‍යක්ෂකවරුන් වන ආචාර්ය ප්‍රණීත් වික්‍රමාරච්චි හා ඉංජිනේරු තුසිත විතානගේ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

(සටහන | ශාන් මොහොමඩ්) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...