The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ආණ්ඩුව රැකගන්න මැරෙන්නත් මරන්නත් රජය සූදානම්ලු - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 21, 2025 • 8:14 AM

ආණ්ඩුව රැකගන්න මැරෙන්නත් මරන්නත් රජය සූදානම්ලු - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන යටතේ අද කලාවැව ආසනයේ නල්ලච්චිය කොට්ඨාසයේ දී ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැති ජන හමුවක දී ය.
  • ආණ්ඩුව රැක ගන්න ජීවිත නැති කරන්න හදනවා ''මිනිමරලා හෝ ආණ්ඩුව රකින්න, ජීවිත නැති කර හෝ ආණ්ඩුව රකින්න මෙන්ම ආණ්ඩුව වෙනුවෙන් මැරෙන්න වුවත් සූදානම් බව ආණ්ඩුවේ පාර්ශ්වය කියනවා.
  • මැතිවරණ කාලයේ නම් කිව්වේ ලක්ෂ 220ක් රකිනවා කියලා.
  • අද ආණ්ඩුව රැක ගන්න ජිවිත නැති කරන්න වුවත් සූදානම් බවට පැවසීම කණගාටුවට කරුණක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන යටතේ අද කලාවැව ආසනයේ නල්ලච්චිය කොට්ඨාසයේ දී ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැති ජන හමුවක දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ආණ්ඩුව රැක ගන්න ජීවිත නැති කරන්න හදනවා

''මිනිමරලා හෝ ආණ්ඩුව රකින්න, ජීවිත නැති කර හෝ ආණ්ඩුව රකින්න මෙන්ම ආණ්ඩුව වෙනුවෙන් මැරෙන්න වුවත් සූදානම් බව ආණ්ඩුවේ පාර්ශ්වය කියනවා. මැතිවරණ කාලයේ නම් කිව්වේ ලක්ෂ 220ක් රකිනවා කියලා. අද ආණ්ඩුව රැක ගන්න ජිවිත නැති කරන්න වුවත් සූදානම් බවට පැවසීම කණගාටුවට කරුණක්.

මේ වන විට ගොවියා අනාථ වෙලා. ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර, වල් නාශක හා බීජ නෑ. කලට වේලාවට පොහොර සහනාධාර මුදල් ලැබෙන්නෙ නෑ. වගාව අවසන් වුනිට පස්සෙ මුදල් ලැබෙන අවස්ථාත් පවතිනවා. ඊට අමතරව ගොවි උපකරණවල මිල ඉහළ යෑම වගාව කරන විට වන අලි මිනිස් ගැටුම, වන සතුන් මිනිස් ගැටුම නිසා වගා හානි සිදු වුවත් නිසි වන්දි හා රක්ෂණ ක්‍රමවේදයක් නෑ. වන අලි ප්‍රහාරයක් නිසා මිය ගියොත් තක්සේරු මුදල රු. ලක්ෂ 10යි. මේවා බරපතළ ගැටලු වුනත් රජය මේවා තැකීමකට ලක් කරන්නෙ නෑ. අවම වශයෙන් අමාරුවෙන් ගන්නා අස්වැන්නට හොඳ වෙළෙඳපොළක් නෑ.

මාලිමාව, බලය ලබා ගන්න ජනතාව ඇන්දුවා

මහලොකුවට රජයේ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවලට ලබා දෙන සහතික මිල පාර්ලිමේන්තු පනතකින් රටේ නීතිය බවට පත් කරන බවට පවසා වී කිලෝවකට රු. 150ක් දෙනවා කිව්වට අද වන විට බලය ලැබුණු පසු එය රු. 120ට අඩු වෙලා. තෙත වීවලට ලැබෙන්නේ රු. 90ක් වැනි සොච්චම් මුදලක්. මේවා වියදම් ආවරණය කර ගැනීමටවත් ප්‍රමාණවත් නැහැ.

මේ දුක රජයට තේරුණේ බලය නැති කාලයේ විතරයි. බලය ලැබුණු පසු බලය අත්හරින්නේ නෑ කියා පුරසාරම් දොඩමින් යනවා. ලක්ෂයක් වුනත් බලය වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් සූදානම් කියල කියනවා. ඒ කාලයේ කියපුවා දැන් වලංගු නැති බවට රජයේ මැති ඇමතිවරු කියනවා.

ජනාධිපති ගේ ගමේ ගොවි ජනතාවත් අන්ත අසරණ වෙලා

මේ ආකාරයට රටේ ජනතාව බලය උදෙසා අන්දවන්න, මංමුළා කරන්න දෙන්න බැහැ. ගොවියාට සිදුවන අසාධාරණය ගැන මම කතා කරන්නෙ රටේ ජනාධිපතිවරයාගේ ගමේ ඉඳලා. ජනාධිපතිවරයාගේ ගමේ ජනතාවගේ වගාවට පවා නිසි රැකවරණයක් හා මිලක් නොමැති වුනත් පාර්ලිමේන්තුවේ දී වී මිල ගැන ප්‍රශ්න කරන විට වැයවන මිලට වඩා වඩාත් ඉහළ මිලක් වීවලට දෙන බව පවසනවා. මේ ගැන ප්‍රශ්න කරන විට බාධා කර මයික්‍රෆෝන් විසන්ධි කරනවා.

ආණ්ඩුව මොන දේ කළත් විපක්ෂය කටවල් වහන්න සූදානම් නැහැ. ගොවි ජනතාවත් රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ජනතා අයිතිය සුරක්ෂා කරන්න අවශ්‍ය ඕනෑම  පරිත්‍යාගයක් කරන්න අපි සූදානම්. එදා මැතිවරණ සමයේ ජනතාව සමග ඇති කර ගත් සමාජ ගිවිසුම නැවත වරක් අලුත් කර ජනතාව වෙනුවෙන් කැපවීමෙන් විපක්ෂයෙන් සිදුවිය යුතු සේවාව ඉටු කරන්න අපි සූදානම්. මේ ගොවියන් ප්‍රශ්න රැසක් ඉදිරිපත් කර ඇති නිසා මේ ගැටලු සෑම එකක් ම පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ඉදිරිපත් කර ඉහළම සටන සහ අරගලය කරන්න සූදානම්.

ජනතාව වෙනුවෙන් ප්‍රගතිශීලී බලවේග සමග අත්වැල් බැද ගන්නවා

ඒ සඳහා ප්‍රගතිශිලී බලවේග සමග අත්වැල් බැද ගන්නවා. හුදෙක් එය මැති ඇමතිකම් ජනාධිපතිකම් අගමැතිකම් සංස්ථා සභාපතිකම් බෙදා ගන්න නෙවෙයි. ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දීම සඳහා යි. සමගි ජන බලවේගයට ඇති එකම ඩීල් එක ලක්ෂ 220ක් ජනතාවට සංවර්ධන යුගය උදා කර ජන ජිවිතය සුඛිත මුදිත කිරීම පමණයි. එකතු වීම, එකතු වන ආකාරය ගැන හොද අවබෝධයක් අපට තිබෙනවා. අවස්ථාවාදී දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් එකතු වීමට අපි කටයුතු කරනවා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...