වසරේ මෙතෙක් වැඩිම රේගු ආදායම ලෙස පසුගිය ජුලි මාසයේදී රැස් කර ගත් රුපියල් බිලියන 231 ත් සමඟින් මෙම ආදායම තවත් ඉහළ ගොස් ඇත.
මෙම වසරේ ගත වූ මාස 6 තුළදී වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 24,418 ක් වේ. ඉකුත් 2024 වසර පුරා වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 14,691 ක් බවත් ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 66%ක වර්ධනයක් මේ වන විට ලබා ඇත.
මේ වසරේ ගත වූ මාස 6 තුළදී ටෙලිකොම් ආයතනය රුපියල් මිලියන 3670ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වර්ෂයේ වාර්තා වී තිබුනේ රුපියල් මිලියන් 3020ක් ලෙසය.
ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් හි 2025 පළමු කාර්තුවේ ලාභය රුපියල් බිලියන 18 කි.
(lankadeepa | අංජුල මහික වීරරත්න)




