ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් තමන් ඉහත පරිදි පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කළහ.
අද (22) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී මෙලෙස කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල ට ලබා දුන් අතර, විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම යන සමාගම් 04කට ඒ අනුව ඉහත සේවක පිරිස් සම්බන්ධ කරනු ඇත.
රටේ සංවර්ධන ඉලක්ක හා සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ක්‍රියාත්මක ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙල ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ප්‍රසාදයට ලක්වෙමින් තිබෙන බව මේ අනුව පෙනෙන්නට ඇතැයි අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන්වේ.
........





